Chap.03

264 57 45
                                    

🌻🌿  P ᴏ ʀ ᴛ ʀ ᴀ ɪ ᴛ  O ꜰ  L ᴏ ᴠ ᴇ  🌻🌿

Eᑭ03

දින ගාණක්ම ගත වෙලා ගියත් චාන් තමන්ගේ අයාලේ යන හිතට වාරණ දාගෙන තිබුණා. ඒ හින්දා වෙනදටත් වඩා චාන් කාර්‍යාලය අස්සටම වෙලා යීබෝව මතකෙන් මකලා දාන්න උත්සාහ කලා. ඒත් ඒ කිසිම උත්සාහයක් ප්‍රතිඵලදායක වුණේ නැත්තේ ජියා ලී නිතරම 'සීනියර් වන්ග්' ගැන අලුතින් දෙයක් කියවපු හින්දා.
ලී ෂුඒ නිසා ශුවාන්නුත් ශුවාන් හින්දා යීබෝ , චෙන් දෙන්නත් නිතරම වගේ ජියා ලී එක්ක ගැවසුණා. ශුවාන්ට පෙම්වතියක් ඉන්න බව කොහොමත් විශ්ව විද්‍යාලයෙ පැතිරිලා තිබුණු නිසා ඒක ගැටලුවක් නොවුණත් ජියා ලී එක්ක චෙන් යීබෝ දෙන්නා සමීප වීම ගැන අනෙක් අයට තිබුණේ ඉරිසියාවක්. චෙන් කුකුළ් කේන්තිකාරයෙක් වුණත් සමාජශීලි චරිතයක් නිසා ඔහු ජියා ලී එක්ක සමීප වීමේ පුදුමයක් තිබුණේ නැහැ. නමුත් පහසුවෙන් තවත් මිත්‍රයො ඇති කරනොගන්න යීබෝ කවදාවත් නැතුව කෙල්ලෙක් එක්ක සමීප වුනු එකට නම් හුඟක් අයට තිබ්බෙ කුකුසක් වගේම ජියා ලී එක්ක තරහක්. ඒත් ඒ කවුරුත්ම ජියා ලීට කිසිම දෙයක් කියන්න හෝ කරන්න නිර්භීත වුණේ නැත්තේ ඒ වෙද්දිත් ඇය ප්‍රොෆෙසර් ශියෝගෙ සහෝදරිය බව විශ්ව විද්‍යාලය පුරාම ප්‍රසිද්ධ වෙලා තිබුණු හින්දා.

කවුරුන් කොහොම හිතුවත් යීබෝ හා ජියා ලී අතරෙ තිබුණේ මිත්‍රකමට එහා ගිය සහෝදර බැඳීමක්. සහෝදරියක් නොහිටි යීබෝට ජියා ලී නංගි කෙනෙක්ම වෙද්දි ජියා ලී හිතුවෙත් එයාට තවත් සහෝදරයෙක් ලැබුණා කියලා විතරමයි.
.
.
.
.
.
.
   " ග'ගා ..... " චාන් කරමින් සිටි කාර්‍යය පසෙකට කරමින් ජියා ලී දෙසට හැරුණේය.

" ග'ගා... මේ මං.... හෙට ලෙක්චස් ඉවර වුණාම ෂුඒ එක්ක යීබෝ ග'ගා ඩාන්සින් ප්‍රැක්ටිස් කරන තැනට යන්නම්ද ... ?"

                  " දැන් කොහේද ප්‍රැක්ටිස් කරන්නේ ? යුනිවර්සිටි එකේමනේ..."

" ඔව් ග'ගා... මේහ්... හෙට ලෙක්චස් එකොළහ වෙද්දි ඉවරයිනේ .... ඉතින් ... ඒකයි..."

       " හ්ම්.... එතන ඉඳලා තුනට මාත් එක්ක එන්න පුලුවන් කොහොමත්..."
ජියා ලී සතුටින් සොහොයුරාගෙ කම්මුලට හාදුවක් තබමින් කාමරයෙන් පිට වූවාය.
තමන් කෙතරම් යීබෝව මඟ හැරියත් ඔහු සිටින තැනකට ජියා ලීව යැවීමට චාන් මැලි වූයේ නැත.
.
.
.
.
.
.

⋯ Ꮲᴏʀᴛʀᴀɪᴛ 𝖮ꜰ 𝖫ᴏᴠᴇ ⋯                                    ᴄᴏᴍᴘʟᴇᴛᴇWhere stories live. Discover now