Chap.07

281 56 53
                                    

🌻🌿 P ᴏ ʀ ᴛ ʀ ᴀ ɪ ᴛ O ꜰ L ᴏ ᴠ ᴇ 🌻🌿

Eᑭ07

චාන් විශ්ව විද්‍යාලයට යන තෙක්ම යීබෝගේ නර්තන පුහුණුවීම් අවසන් වී නොතිබීම ඔහුගේ සැනසිල්ලට හේතු විය. දැන් ඉතින් ලැබුණු සුබාරංචිය හෙමින් සීරුවට යීබෝගෙ කණට දැමිය යුතුය. කෙසේවුවත් ඔහුට නොකියාම සහෝදරයා හමුවට යාමේ විපාක නම් තමාට විඳීමට සිදුවන බව චාන්ට නිසැකය. දැනටත් ඔහු නොදන්නවා විය නොහැක. නමුත් ඔහුට ආරංචිය ලැබුණේ නම් කුමන ගැටයක් හෝ ගසා තමාගෙ කාර්‍යාලයට රිංගන බව චාන් සිතුවේ තමා සාදා නිම කළ ශිෂ්‍ය වාර්තාවක් රාක්කයක් මත තබමින්.

"බබා...හ්..." චාන් තිගැස්සී ගියේ කාර්‍යාලයේ දොර වැසුණු හඬටය. වසා දැමූ දොරට හේත්තු වී තමා දෙස බලා සිටින යීබෝව දුටු චාන් තමා මොහොතකට පෙර සිතූ දේ නිවැරදි බව වටහා ගත්තේය.

"කොහේද ගියේ...?" යීබෝ නෝක්කාඩු ස්වරයෙන් විමසමින්ම චාන් අසලට පැමිණියේය.චාන් ලා සිනහවකින් සිය අසුනෙහි හිඳ ගනිමින් යීබෝව තමන්ගේ උකුළට ඇද ගත්තේය.

"ගමනක් ගියේ..." චාන් එසේ කිව්වේ හිතාමතාම යීබෝව කේන්ති ගැස්වීමට නමුත් ඔහු කිසිවක්ම නොපවසා චාන්ගේ ගෙල වටා දෑත් යවමින් පපුවට ගුලි වූවේය. " මොකෝ මේහ්..?"

"මහන්සියි ග'ගා..." යීබෝ තෙහෙට්ටු කෙඳිරුම් ස්වරයකින් කියද්දී චාන් සුසුමක් හෙළමින් ඔහුගේ හිස පිරිමැද්දේය.

"කෑම කෑවද ? "

"හ්ම්ම්... එතනින් තමා පැනගත්තේ... හරි හරි රවන්නෙපා , කාලා තමා ආවේ අනේ..." යීබෝ පැවසුවේ චාන්ගේ කම්මුලක් මිරිකමින්." කොහේද ගියේ ග'ගා ? සාමාන්‍යයෙන් ඔයා ලෙක්චස් තියෙද්දි එහෙමෙහේ යන්නෙ නෑනෙ..."

"ම්ම්... මං ගියා කෙනෙක්ව මුණ ගැහෙන්න..."චාන් කියද්දී යීබෝ ඔහුගේ පපුවෙන් මෑත් වී මුහුණ දෙස බැලුවේය.
"කෙල්ලෙක් නෙවෙයි කොල්ලො , කොල්ලෙක්ව... ඔයා දන්න කෙනෙක්ව..."

"මං දන්න කෙනෙක්ව.... කවුද ඒ ??? " යීබෝ කල්පනා කරමින් විමසද්දී චාන් සිනාවකින්ම ඔහුගේ නාසයට කුඩා හාදුවක් තැබුවේය.

"ඊයේ රෑ ඔයාගෙ ග'ගා මට කතා කළා... කෝ දැන් ඔය මොකටද කලබල වෙන්නෙ.. එයාට උවමනා වුනේ මං එක්ක කතා කරන්න විතරයි බබා..."

⋯ Ꮲᴏʀᴛʀᴀɪᴛ 𝖮ꜰ 𝖫ᴏᴠᴇ ⋯                                    ᴄᴏᴍᴘʟᴇᴛᴇWhere stories live. Discover now