Chap.06

227 53 35
                                    

   🌻🌿  P ᴏ ʀ ᴛ ʀ ᴀ ɪ ᴛ  O ꜰ  L ᴏ ᴠ ᴇ  🌻🌿

Eᑭ06

" ඇත්තමයි ග්‍රැනී මං එදා ග'ගාව තරඟේ බලන්න ඇදගෙන ගියෙත් එතන ඉන්න කෙල්ලෙක්ටවත් මෙයා බැල්ම දායිද බලන්න , කොහේද ගිහින් විනාඩි ගාණයි ගියේ අවුරුදු ගාණක් මෝටර් රේසින්ග් වලට ඉන්ට්‍රස්ට් මනුස්සයෙක් වගේ මෙයා සර්කිට් එක දිහා බලන් හිටියේ... පස්සෙ මට තේරුණේ බලන් හිටියේ යීබෝ ග'ගා ගෙ දිහා කියලා... එදා හවසම මං හිතාගත්තා යුනිවර්සිටි ගිහින් කෙල්ලෙක් බැරි නම් යීබෝ ග'ගාව හරි අපේ ග'ගාට සෙට් කරනවා කියලා..."  ජියා ලී කටත් උල් කරමින් පැවසුවේ පසෙක සිටි චාන් ඇයට හොඳහැටි රවද්දීමය.

             " වෙලාවට ජීමෙයි ඩේට් එකක් ගැන කිව්වේ.... නැත්නම් මේ අපේ එකා කවදාවත්ම ප්‍රොෆෙසර්ගෙ ඉස්සරහට ගිහින් ඔහොම කතා කරන්නෙ නැහැනේ..." ශුවාන් කිව්වේ ඇත්තටම සැනසිලිදායක හැඟීමකින්. මොකද ශුවාන් , චෙන් දෙන්න දැකල තිබුණා යීබෝ තමන්ගෙ ඒකපාර්ශ්වික ප්‍රේමය හින්දා විඳවපු තරම.

        "ශුවාන් , චෙන් , ෂුඒ ... ලිලීට කියන්න ඕන නෑනෙ යුනිවර්සිටි එකේදි ඔයාලා පරිස්සම් වෙන්න ඕන.... දන්නවනේ මෙහේ විදිය... මේ ගැන කාටහරි ඉව වැටුණොත් යීබෝගෙ ඩිග්‍රී එකටත් ප්‍රශ්නයක් වෙයි... මොකද යුනිවර්සිටි එක පුරාම වන්ග් තුන්කට්ටුවගෙ හතුරොනේ පිරිලා ඉන්නේ... ඊටත් බෝබෝගෙ ෆෑන් ක්ලබ් එකේ කෙල්ලෙක්ට මේ ගැන ඉව වැටුනත් ඇති වෙයි.... ඒ හින්දා අපි ඒ දවස්වල ඉඳපු විදියටම තමයි ඉන්න ඕන...." චාන් කියද්දී අනික් හැමෝම ඊට එකඟ වුනත් යීබෝ විතරක් මූණත් ඇද කරගෙන බලං හිටියා. " මොකද දැන් ඔය මූණේ හැටි..? " චාන් අහද්දි යීබෝ ඉක්මනටම හිස දෙපසට වැනුවේ මුකුත් නෑ කියන්න." ආයෙ ගහමරාගන්න යන්නෙ නෑ හරිද...?  මං අහල තියෙන්නෙ කලාව එක්ක ඉන්න මිනිස්සු හරිම ඉවසිලිවන්තයි කියලා... ඒකට මේ තුන්කට්ටුව... මරාගන්නමයි බලන් ඉන්නේ... රණ්ඩුවට හේතුයි පටන් ගත්තු අයයි පැත්තක... මුන් තුන්දෙනා තමයි වලිය කන්ටිනියු කරන්නේ... හහ්... අහුවෙනවකෝ ආයේ වලිවලට හොම්බ දාලා , තුන්කට්ටුවට අමතක නොවෙන දඬුවමක් දෙන්නේ..." චාන් කියද්දී තුන්කට්ටුව බිමම බලාගෙන හිටියා.

⋯ Ꮲᴏʀᴛʀᴀɪᴛ 𝖮ꜰ 𝖫ᴏᴠᴇ ⋯                                    ᴄᴏᴍᴘʟᴇᴛᴇWhere stories live. Discover now