"හෑ? අමුඩයක්? "
මේකිත් නිකන් මොකෙද්ද එකෙක් දිහා බලං ඉන්නවා වගේ බලාගෙන ඉන්නවා.
"අනේ හැල ගෙම්බියේ? ඔය ක්ලෝසට් එක පිරිලා තියෙන්නෙම ඇඳුම් වලින් නේද? මොකද්ද අඳින්නේ කියලා අහන්නේ? "
"ඒ උනාට අනේ අපි සුපර් මාකට් නෙමේ නේ යන්නේ. අයියෝ නේක සාමිනේ...... මට නං බෑ..... බඩ නලියනවා."
බෙස්ටී හිනා වෙවී බඩත් අල්ලගෙන කියද්දී මං ඔලුවත් ඇද කරගෙන එයා දිහා බලාගෙන හිටියා. යකෝ දැන් ටිකකට කළිනුත් යස අගේට උන්නූ කෙල්ල. දැන් මොකද්ද එක පාරටම උනේ?
"බෙස්ටී..... උඹ නරක කෑමක් කෑවද බං? ඔච්ච්ර බඩේ පොට යන්න? ආහ්.... උබ අර ස්ට්‍රෝබෙරි එකයි බනානා එකයි දෙකම බිව්ව නිසා වෙන්න බැරිද?"
මං ඔලුවත් කස කස කියද්දී ඒකි මං දිහා සානුකම්පිත බැල්මක් දැම්මා. හරියට නිකං අනේ මෙහෙමත් අසරණ ළමයෙක් වගේ එකක්.
"බොල උණහපුලියේ....... මගේ බඩේ සමනල්ලූ යනවා. ඒකයි ඒ...... බොගේ එහෙම යන්නැද්ද?"
"යාහ්...... මෙච්චර හරක්. ඌරෝ, කුකුල්ලූ, තාරාවෝ ඉන්න රටේ මොන රෙද්දකට උඹ සමනල්ලූ කෑවේ? ඊයා යකෝ? පාපිශ්ට ගෑණු පරාණේ...... අනික උන්ගේ මස් කියලා නාමයක් නෑ නේ...... ඇත්තටම උන් මොන රහ........"
එකපාරටම පියාබගෙන ආපු තඩි කුශන් එකක් මගේ ඔලුවේ වැදිලා නතර උනේ මාවත් පෙරලගෙන දෝයි ගාලා බිම වැටිලා.
"හරි ඉතින්. ඕකට ගහන්න ඕනෙයෑ..... දන්නැති නිසානේ ඇහුවේ රෙද්ද?"
මං කොන්දයි පස්සයි අත ගගා බෙස්ටිටත් ඔරෝ ඔරෝ මගේ කාමරේට ගියා.
YOU ARE READING
Bestie and Me [බෙස්ටියි මායි] || JJK || COMPLETED ||
Fanfictionපිස්සුව කියන්නේ කලාවක් නම් අපි ඒකේ පිකාසෝලා. ගොන් වැඩ කියන්නේ වෙන අයට විකාරයක්. ඒත් අපිට ඇබ්බැහියක්. මොන්ගල්කම ආත්ම ගාණක පුරං එන පාරමිතාවක් වගේ. මගේ බෙස්ටි පරාණෙ ගේ බකට් ලිස්ට් එකේ උඩින්ම තියෙන එකක් තමයි ටේ ඔප්පා ගෙ පස්සට කික් එකක් දීලා දුවන එක. ඊ...