"අනී............... අන්ද්වේ................අනි...අනී....අනී.......බෑ කිව්වොත් බෑම තමා.......චේබල්.....අනේ හ්යොන්ග්........"
"ආයිශ්......... ජන්කුකා.............ඔය කෙල්ලගේ කකුල අත අරිනවා දැන්වත්. යකූ....ඒ දෙන්නා යන්නේ එයාලගේ අපාට්මන්ට් එකට. බොලා මේ අඬන්නේ නිකං මේ දෙන්නා සුයිසයිඩ් කරගන්න යන්න හදනවා වගේ නේ......"
ජින් මේ කෑ ගහන්නේ ජනායගේ කකුලක එල්ලීගෙන කෑ ගහන ජන්කුක් ට. කෙල්ලෝ දෙන්නා අපාට්මන්ට් එකට යන්න ගත්ත තීරණේට අපිත් කැමති නෑ තමා. මගෙත් පපුව පැලෙන්න එනවා. පුදුම අමාරුවකින් ඇඩිල්ල පාලනේ කරං ඉන්නේ. ඒත් මොකාද යකෝ ආච්චී මලා වගේ අඬන්නේ මේ වගෙ වෙලාවකටත්?
"සුයිසයිඩ්? හුවෑ....... එහෙනං යන්න දෙන්නෙම නෑ......... අනේ බෑ.........."
"යාහ් ජන්කුකා....... මගෙ සෝස් පෑන් එකෙන් රත් වෙන්න පාරක් කන්න කලින් ඔය කෙල්ලගේ කකුල අත අරිනවා.කෝ......කෝ.......කිව්වම අත අරිනවා......."
ජින් ජන්කුකාව ජනායගේ කකුලකින් ගලෝගන්න සෑහෙන්න ට්‍රයි කරනවා. ටේහ්යොග්නුත් එයාලා දිහා බලාගෙන හිටියේ සෑහෙන දුකෙන්. ආයිගෝ...... ඒක නිකං අලුත බැඳලා ආපූ මනමාලී පහුවදා මැරිලා වගේ පෙනුමක්. පව්.
"කුකී........ දැන් අත අරින්නකෝ. අපී ආයෙත් එන්නම් කියලා කිව්වනේ. අනික යුනි එකෙන් අපිට හම්බෙන්න පුලුවන්නේ නේද?"
ජනායාට විතරක් නෙමෙයි බෙස්ටිටත් ජන්කුක් ගේ මේ හැසිරීම නිසා මෙහෙන් යන්න හිත දුන්නේ නෑ. බෙසීට නං කොහෙත්ම යන්න ඕනේ වුනේ නැති උනාට එයාලට ඒක කරන්නම සිද්ධ වෙනවා මොකද එයාලා තවත් එහේ ඉන්න එකෙන් මේ කොල්ලෝ 7 දෙනාටම තමා ප්‍රශ්නයක් වෙන්නේ.
ඒක දැනගත්ත වෙලේ ඉඳන්ම ජන්කුක් කනු කුනු ගෑවේ එයාලට යන්න එපා කියලා. ඒත් එයාලට තේරෙන්නෑ නේ ඒකෙන් වෙන්න තියෙන නරක. එයාලගෙම හොඳට නේද අපි මේවා කරන්නේ? නැත්තං තමන්ගේ පණ වගේ ආදරේ කරන ටේව දාලා බෙස්ටී කොහොමද යන්න හිත හදාගත්තේ? ඒ බෙස්ටී ටේට ගොඩාක් ආදරේ නිසා.
YOU ARE READING
Bestie and Me [බෙස්ටියි මායි] || JJK || COMPLETED ||
Fanfictionපිස්සුව කියන්නේ කලාවක් නම් අපි ඒකේ පිකාසෝලා. ගොන් වැඩ කියන්නේ වෙන අයට විකාරයක්. ඒත් අපිට ඇබ්බැහියක්. මොන්ගල්කම ආත්ම ගාණක පුරං එන පාරමිතාවක් වගේ. මගේ බෙස්ටි පරාණෙ ගේ බකට් ලිස්ට් එකේ උඩින්ම තියෙන එකක් තමයි ටේ ඔප්පා ගෙ පස්සට කික් එකක් දීලා දුවන එක. ඊ...