# Last Chapter

38 4 0
                                    

"අනේ.....කුකී...... නෝ....නෝ..ග්වෙන්චනා.......???? ඉක්මනට කියන්නකෝ...... ඔයාට කවුරුවත්....කරදරයක් කරේ නෑ නේද? ආහ් කියන්නකෝ...... කෝ.... ඔයා හම්බෙන්න ආපු ගෑණු ලමයා....???? එයා..... එයා හොදින් ද කුකී.....???? ආහ්? කියන්නකෝ? ඔයා බය වෙන්න එපා......මං එයාව....මං එයාව..... ඔයා ගාවට පරිස්සමට ගෙනැත් දෙන්නම්...... කූ...... අඬන්න එපා අනේ..... මං ඔයාට එයාව ගෙනැත් දෙන්නම්..... ඔයාට කරදර කරපු එකාටත් මේ ජනායා හොද වැඩක් කරන්නම්....... අඬන්න එපාකෝ........"

මං පිස්සුවෙන් වගේ කියවගෙන කියවගෙන යද්දී කුකී මාව බදාගෙන අඬන්න ගත්තූ නිස මං හිතුවේ ඒ ගෑණු ලමයා කුකීට වෙච්චී කරදරේ නිසා පැනලා දුවලා කියලා මෙතනින්. ඒකයි මං කුකීට කිව්වේ කොහෙන්හරී එයාව ගෙනැත් දෙන්නම් කියලා. ඒත්.......................



කුකී ගේ පපුවට තුරුළු වෙලා අඬ අඬ කියෝපු මාව ගල් ගැහුනේ එකපාරටම කුකී ගේ සීතල තොල් මගේ තොල් දෙකේ ගෑවෙද්දී. මං වෙන්නේ මොකද්ද කියලාවත් හිතාගන්න බැරුව ගල් ගැහිලා හිටියේ ඇස් දෙකත් ලොකූ කරගෙන.



ටික වෙලාවකට පස්සේ මගෙන් ඈත් වෙච්චී කුකී එයාගේ අත් දෙකෙන් මගේ මූණ අල්ලගෙන එයාගේ කඳුළු පිරිච්ච ඇස් දෙකෙන් බලාගෙන හිටියා.



"පබෝයා......... තමුසේ..... ඇත්තටම මෝඩයෙක් ජනායා......මට මොකුත් වුණේ නෑ......... මට මොකුත්ම් වුණේ නෑ..... ඒක බොරුවක්. මං හම්බෙන්න කියලා ආපු කෙනෙක් හිටියේ නෑ ජනායා. මට හිටියේ ඔයා විතරයි. ඉන්නෙත් ඔයා විතරයි. මගේ ක්‍රශ් එකත් ඔයා. බෙස්ටාත් ඔයා. මගේ ජීවිතේම ඔයා. මට හිනාවෙන්න කියලා ඔයා අඬන්නේ ඇයි මෝඩයෝ......???? "

එයා එහෙම කියලා මාව ආයෙත් සැරයක් බදාගත්තා. ඒ කියන්නේ? එයා හොදින්....... ඇතියන්තං...... මගේ කකුල් දෙක පණ නැතිවෙලා යනවත් එක්කම කුකී කෑගහගෙන මගේ මූණට එබෙනවා යන්තන් මතකයි.



jungkook's  POV 


"ජනායා......!!!!!! ජනායා......!!!!! ආයිශ් හ්යොන්ග් !!!!! මේ මොකද්ද වුණේ.....?"

මං ෆේන්ට් වෙච්චී ජනායගේ මූණට තට්ටූ කර කර කතා කරත් එයා මගේ ඔඩොක්කුවේ වැටිලා හිටියේ සුදුමැලී වෙලා.

Bestie and Me [බෙස්ටියි මායි]  || JJK || COMPLETED ||Where stories live. Discover now