# CHAPTER 17

21 4 0
                                    

එදා රෑ කෝපි කෝප්පයක් අතේ තියාගෙන මං ඒ ඩෝම් එකට එහා පැත්තේ තිබ්බ බෙන්ච් එකේ  ඉඳගෙන අහස දිහා බලාගෙන හිටියා. අද නං අහස ගොඩාක් පැහැදිලී වගේම තරුත් ගොඩාක් පායලා. එයා ඒ දිහාම බලාගෙන කල්පනා කරේ එයාලගේ ජීවිතෙ වෙනස් වෙච්චී ඉක්මන ගැන. අපි මේ වගේ දවසක් නං කවදාවත් එයි කියලා හිතුවේ නෑ. ඒ විතරක් ද කවුද හිතුවේ ටේ ඔප්පා මට ආදරෙයි කියයි කියලා. ඊඊඊඊඊඊ.................. මේ හාට්ටුවට වාවන්නෑ අප්පා මේ දේවල්. කාලෙකින් ගෙදරට කතා කරෙත් නෑ. මේක නං මරු වෙලාව අර හෝන්තුව අවුස්සන්න.



"හෙලෝ......"

ඔව්. ඔය කතා කරන්නේ මගේ යොදොන්සෙන්. මාව කන්නම බලාගෙන ඉන්න එකී. ආහ්..... තව වහන්තරාවක් ඉන්නෝ...... ඒකිටම හරියන දොන්ග්සෙන් කෙනෙක්. පවුලේ බාලයා. ඒ උනාට ඌ හිතං ඉන්නේ ඌ ඔප්පා කියලා අපේ. හුම්...... ලබන ආත්මේ තමා ඉතින්. පව් ඉතින්.  

අපි නිකං ගෝල් දේසේ වගේ. කිසිම බාහිර අවුලක් ආවේ නැති වෙද්දී එකා එකා මරා ගන්නවා. ඒත් කවුරුහරි අපේ ගෙදරට, ඔම්මලට. නෑයන්ට හරි මොනාහරි කියවන් අවොත් අන්න ඒ වෙලාවට අපි එකතු වෙලා ආයේ උන්ට දුවන්න දෙන්නේ මතක ඇති කාලෙක මොකුත් පාට් එකක් දාන්නැති වෙන්න. හරියට රෝමේ ගහන්න එද්දී පප්පලා ටික එකතු වෙලා එවුන්ට හොඳි නැති වෙන්න නෙලනවා වගේ.



"ඕයි.........ගොලුවෙක් ද මේ කතා කරන්නේ?"



"නෑ..... බීරෙක්. මේ........ මොකෝ වෙන්නේ ඔය පැත්තේ? කට්ටිය හොදින් ඉන්නවද?"




"ආහ්..... අපිට නං අවුලක් නෑ.......මේ....... අහන්න හිටියේ? තමුසේ ටේ ඔප්පාව සෙට් උනාද?"

එයාගේ අමුතු කටහඬ මාව කොන්ෆියුස් කරා කිව්වොත් හරී. මොකද මට ඇල්ලුවේ නෑ ඒ වොයිස් එක.




"ඇයි අහන්නේ?"

මාත් සීතල විදිහට ම ඇහුවා.



Bestie and Me [බෙස්ටියි මායි]  || JJK || COMPLETED ||Where stories live. Discover now