"ජිමිනා...... මොකද උනේ? ඔයාට අවුලක් නෑ නේ. කෙල්ලට මොකෝ උනේ? එයාව කොහොමද් හම්බුනේ?ආහ්?"
ජින් හ්යොන්ග් ප්‍රශ්න පත්තරයක් දිග අරිද්දී මං උඩටයි පහළටයි ඔලුව හෙලෙව්වේ අත් දෙකත් ඉස්සරහට කරගෙන. මං වෙච්චී හැමදේම එයාට කියද්දී අනික් අයත් බය වෙලා වගේ මාරුවෙන් මාරුවට මං දිහායි ජනායා දිහායි බැලුවේ බය වෙලා වගේ. හොබී හ්යොන්ග් හැන්දකුත් අතේ තියාගෙන හැමෝම දිහා බයවෙලා බලං ඉද්දී යුන්ගී හ්යොන්ග්නුත් ඇස් දෙක පිහද පිහද කණුවකට හේත්තු වෙලා හිටියා.
"යකෝ මේ කෙල්ල...... මෙච්චර අමාරුවෙන් ඉදලත් බොලාව බේරගන්න ආවාද? පිස්සුවක් නේ."
ටේ ගේ අත නළලේ. එතකොටම ජනායා ගාවින් නැගිට්ට ඩොක්ටර් චන්සෝ එයාගේ බෑග් එක පැක් කරගත්තා.
"එයාට උණ වැඩිවෙලා. ඒ වගේමයි ගොඩාක් මහන්සි වෙලා තියෙනවා. ගොඩාක් වෙලාවට එයාගේ අතේ තියෙන තුවාලෙන් විශබීජයක් ගියා වෙන්න පුලුවන්. මං බෙහෙත් දාලා තියෙන්නේ. උණ අඩු වෙන්නත් ට්‍රීට්මන්ට් කරලා තියෙන්නේ. හෙට වෙද්දී උණ අඩු උනේ නැත්තං ඉක්මනට හොස්පිටල් එකට අරං යන්න වෙනවා ජින්. මොකද මට තක්කෙටම මේකමයි කියන්න අමාරුයි. මෙයාට කලින් ඉදලම වෙන ලෙඩ තිබ්බද දන්නෙත් නෑ නේ."
ඩොක්ටර් චන් සෝ ජනායා දිහා බලාගෙන එහෙම කියලා ජින් හ්යොන්ග් පැත්ත බැලුවා.
"ඕහ්.....මට තේරෙනවා ඩොක්ටර්. ඩොක්ටර් මගේ කාර් එකෙන් ඉන්න පුලුවන් ද? මං ඉක්මනට එන්නම්. මෙයාලා මගේ දොන්ග්සෙන්ලා. "
ජින් හ්යොන්ග් එහෙම කියලා ඩොක්ටර් චන් සෝ දිහා බැලුවාම ඔලුව වනපු එයා එළියට ගියා. ඒ අතරේ ටේ බෙස්ටී ගාවින් ඇණ තියාගෙන එයාගේ පිටට තට්ටු කර කර හිටියා. ජින් හ්යොන්ග් ගිහින් ජනායට එහා පැත්තෙන් සැටියේ වාඩි වෙලා ජනායගේ අතක් අල්ලගත්තා.
"මේ කෙල්ලටත් පිස්සු. මොන ලෝකෙද කෙල්ලෙක් කොල්ලෙක් ව බේරගත්තේ? හැබැයි මේ කෙල්ල නැත්තං ජිමිනාට් මොනා වෙලාද් දන්නෑ? උදේ වෙනකල් ම දුව දුව ඉන්න වෙන්නේ. බෙස්....එයාව අද මෙහේ තියාගමූ නේද? ඔයාලට මේ රෑ වෙලා යන්නත් බෑ නේ....ම්ම්ම්? දෙන්නම ඉදලා හෙට බලලා යං. අනික ජනායාට රෑට අමාරු උනොත් ඔයාට් තනියෙන් එයාව අරං යන්න බෑ නේ. අපි ඉන්න එකත් හොදයි නේ. මොකද කියන්නේ?"
YOU ARE READING
Bestie and Me [බෙස්ටියි මායි] || JJK || COMPLETED ||
Fanfictionපිස්සුව කියන්නේ කලාවක් නම් අපි ඒකේ පිකාසෝලා. ගොන් වැඩ කියන්නේ වෙන අයට විකාරයක්. ඒත් අපිට ඇබ්බැහියක්. මොන්ගල්කම ආත්ම ගාණක පුරං එන පාරමිතාවක් වගේ. මගේ බෙස්ටි පරාණෙ ගේ බකට් ලිස්ට් එකේ උඩින්ම තියෙන එකක් තමයි ටේ ඔප්පා ගෙ පස්සට කික් එකක් දීලා දුවන එක. ඊ...