පිස්සුව කියන්නේ කලාවක් නම් අපි ඒකේ පිකාසෝලා. ගොන් වැඩ කියන්නේ වෙන අයට විකාරයක්. ඒත් අපිට ඇබ්බැහියක්. මොන්ගල්කම ආත්ම ගාණක පුරං එන පාරමිතාවක් වගේ. මගේ බෙස්ටි පරාණෙ ගේ බකට් ලිස්ට් එකේ උඩින්ම තියෙන එකක් තමයි ටේ ඔප්පා ගෙ පස්සට කික් එකක් දීලා දුවන එක. ඊට පස්සේ වෙන දේවල් ගැන හිතුවේ නැති උනාට ඒක තමයි මගෙත් පරම පූජනීය ආසාව. ඒකිටම හරියන්න ඉන්න මං..... මට ඕනේ ජිමින් ඔප්පාව දෙපැත්තට අදින්න. මාගෙ මේ වෑයම රජ සැප පිනිස නොවේ..... මාගේ බයස් වෙච්චී ජිමින් ඔප්පාව ' කොටා ' යන අනවර්~ත නාමයෙන් සදහටම මුදවා ගැනීම පිනිසයි.. එයයි මායි සෙට් උනේ මොන ලෝකෙන්ද කියන්න අපි දෙන්නටම හිතාගන්න බැරි වෙච්චී අදටත් උත්තර නැති ප්රශ්නේ. අපි දෙන්නා කාසියක දෙපැත්ත වගේ හිටියට ඒ දෙපැත්තම තියෙන්නේ එකම කාසියේ වගේ අපි දෙන්නම කැමති එක දේ 'බැන්ග්ටෑන් ඔප්පලා'. ඉතින් අපි දෙන්නාගේ ආසාව ඉක්මනින් ඉශ්ට වෙලා ඔප්ප