අපාර්ට්මන්ට් එකට ආපු අපි දෙන්නාට ගන්න තිබ්බ අමාරුම තීරණේ අද ගන්න සිද්ධ වුණා. මෙච්චර කාලෙකට අපි දෙන්නට අපේම කියලා දැනිච්ච පවුල අකමැත්තෙන් උනත් දාලා එන්න සිද්ධ වුණා. ඒ වගේමයි බෙස්ටියාට එයාගේ ආදරේ දාලා ටිකක් දුරකට එන්න සිද්ධ වුනා.
"බෙස්ටියා.......ක්වෙන්ජනා?"
එදා රෑ මං බෙස්ටියාගෙන් ඇහුවේ එයා බැල්කනී එකට වෙලා එළිය බලාගෙන ඉන්නවා දැකලා.
"හ්ම්......ඔව් කියලා කොහොමද කියන්නේ ජනා. මගේ ඇඟේ කෑල්ලක් ගියා වගේ. ඊයේ රෑ.....ඊයේ රෑ තමා මට.....මගේ ......ෆස්ට් කිස් එකත් හම්බුනේ ටේ ඔප්පාගෙන්. හී......... ඊයේ රෑම තමා මාත් එයාට........"
බෙස්ටී ලාවට හිනා වෙලා කියලා ආයෙත් ඉස්සරහා බලාගත්තා.
"ඕහ්..... බෙස්ටී......... "
මං එයාව බැක් හග් කරගෙන එයත් එක්කම අහස දිහා බලාගෙන හිටියා.
"බෙස්ටියා..... හැමදේම ඉක්මනට හරියයි. මාව විශ්වාස කරන්නකෝ. එයාලගෙම හොඳට නේද මෙහෙම කරන්නේ? අපී හිතකින් ආවා නෙමේ නේ? ම්ම්......"
"හ්ම්ම්..... ඔයා හරි ජනා. මං එයාට ගොඩාක් ආදරෙයි. එයාට මොකුත් වෙන්න මං ඉඩදෙන්නෑ කීයටවත්. අනික එයා කිව්වා කොහොමහරී මීට් වෙමු කියලා. පව් එයාලටත් ජීවිතයක් තියෙනවා එයාල ගත කරන්න කැමති. මට ඇත්තටම එයාලා ගැන ගොඩාක් දුකයි."
බෙස්ටී එහෙම කියලා බැල්කනියේ අත් වැටට බර වුනා.
"හ්ම්ම්......... මටත්."
****************************************************************
after 4 months
අද තමා මගේ 4 වෙනි මාසේ සැලරි එක ගත්ත දවස. සතුටුයි. මේ මාස 4 ඇතුළත අපි ඔප්පලා ගැන හිතලම නෝමල් විදිහට හැඩගැහෙන්න පුරුදු වුනා. ටේ ඔප්ප නං සතියකට තුන් හතර පාරක් කොහොමහරී ඩෝම් එකෙන් පනිනවාම තමා. වෙන දෙයකට් නෙමෙයි මගේ බෙස්ටී පරාණේ දකින්නැතුව සාංකාවලූ. ඒ එද්දිත් එක්කෝ ජන්කුකා එක්ක නැත්තං ජිමින් ඔප්පා එක්ක හරි තමා එන්නේ.
YOU ARE READING
Bestie and Me [බෙස්ටියි මායි] || JJK || COMPLETED ||
Fanfictionපිස්සුව කියන්නේ කලාවක් නම් අපි ඒකේ පිකාසෝලා. ගොන් වැඩ කියන්නේ වෙන අයට විකාරයක්. ඒත් අපිට ඇබ්බැහියක්. මොන්ගල්කම ආත්ම ගාණක පුරං එන පාරමිතාවක් වගේ. මගේ බෙස්ටි පරාණෙ ගේ බකට් ලිස්ට් එකේ උඩින්ම තියෙන එකක් තමයි ටේ ඔප්පා ගෙ පස්සට කික් එකක් දීලා දුවන එක. ඊ...