හැමදාම වගේ අහස වැහිබර කාලගුනෙන් මිදිලා..අමුතුම ලස්සන එලියකින් ආලොකවත් වී තිබුනි.. සුපුරුදු පරිදි බැලන්කට් එක ඇතුලට තවත් ගුලිවෙමින් නිදාගෙන හිටිය අභි ඇහැරුනේ ...
නොලැබෙන හීනේ
හිමිකම සොයනා..
පෙම්වතා වේලා..
ආදරෙද.. ජීවිතේද..
අතරමන් වේලා..
ඈම සොයනවා....."" අ..ආ..හ්හ්හ්..... මොකාද අප්පා උදේ පාන්දර කුකුලා අතින් ගත්ත එකා ශික්.. නිදාගන්නත් නැ....""
නාද වු දුරකතනය නිසා අවදිවුන අභි නිදිමතෙම phone එක හොයන්න ගත්තේ නින්දත් නොනින්දත් අතරේ .. නම්බර් එකවත් බලන්නේ නැතුව phone එක answer කරපු එයා...
"" හේ..හේලෝ.... කවුද ?..""
"" යකෝ... නිදිකුම්බෝ... උබ තාම නිදිද..?""
""ඔව් ... මොකද බන් .. නිදාගන්නවත් දියන්කෝ ටිකක් නිදහසේ...""
එහා පසින් ඇහුනේ පන වගේ ඉන්න හොදම යාලුවා උන දනුකගේ කටහඩ..
"" යකෝ ... උබට අමතක උනාද අද දවල්ට තියන meeting එක... එ නිසා හැයි..හැයි..ගන්නේ නැතුව ඉක්මනට වර ලැස්ති වේලා.. මට බැ මේවා තනියම කරන්න.. නැත්නම් මන් අන්කල්ට කියනවා..උබේ කෙරුවාව....""
""අ..හ්... කියපන් ඉතින් .. මන් බයවෙයි උබේ ඔය අන්කල්ට .. ""
අභි කිව්වේ තවමත් කම්මැලි කඩමිනි...
"" හා..හා.. ඉක්මනටම කරන මගුලක් කරගෙන වරෙන්.. මම තියනවා..උබත් එක්ක ලව් කරන්න වේලාවතක් නැ මට..""
"" අනේ... මේ... මන් උබ..ට""
අභි කියලා ඉවරකරන්නත් කලින්ම දනුක කොල් එක කට් කරලා දැම්මා..
"""මූ බලහන්කෝ යකෝ.. අපේ තත්තට කේලම් කියලා මාව බය කරන්න..එවා කොහෙද මේ අභි එක්ක..""
එහෙම හිතනගමන් ඉක්මනට ඇදෙන් බැහැලා bathroom එකට ගිහින් නලා කියලා අවේ office එකට යන්න ඕනි නිසා... අල්මාරිය ඇරලා ගත්ත... කලු කලිසමයි.. කලු පාට අත් දිග shirt ඇදලා එකටම හරියන ටයි එකකුත් අතට අරගෙන පහලට ගියේ. තම ආදරනීය මව සොයගෙන...
""අම්මා... කෝ මගේ කිරි එක....?""
""ආ..මෙන්න.. ""
කිරි එකත් අරගෙන ආව අභිගේ අම්මා අභි අතට කිරි එක දිලා ඉදගත්තේ එතනම තිබුන පුටුවක් අරගෙන..
YOU ARE READING
තුහීන සේයා..
Non-Fictionජිවිත කාලේම සතුටින් ඉන්න පුලුවන් අදරයක් ලැබෙන්නේ.. අවන්ක හදවතකින් විතරමයි..