11 part ❤️

850 115 4
                                    

කාමරයට ඇවිත් එක විනාඩියක්වත් ඉන්නේ නැතුව ටවල් එකත් අරන් ආවේ නාන කාමරයට .. ඇදගෙන හිටිය ඇදුම් ටික ගලවලා පැත්තෙන් තියපු මම බැලුවේ මගෙ උරහිස ලග තිබුන කැලල දිහා.. එක දකිද්දත් මහ අප්පිරියාවක් දැනුනා.. ශවර් එක යටට ගිහින් පැය ගානක් ඇග අතුල්ලලා නෑව මම එහෙමම ඇවිත් ඇදුමක්වත් දාගන්නේ නැතුව ඇදට වැටුනේ සිද්ද උන දේවල් එකින් එක මතක්වෙද්දි ..

මාව දාලා ආව එක ගැන තරහක් තිබුනත් හැමොම කැ ගහලා බනිද්දි හැමොගෙන්ම ගුටි කන්න උන එක ගැන මගේ හිතේ තිබුනේ දුකක්.. එකෙන් අදහස් කරන්නේ මන් එයාට සමාව දුන්නා කියලා නම් නෙවෙයි ... පැයගානක් ඇදට වෙලා කල්පනා කරමින් ඉද්දි ඇහුනේ.. කාමරේ දොර අරින සද්දෙට මන් ඔලුව උස්සලා බැලුවේ කවුද කියලා ලයිට් එක ඔෆ් කරලා තිබුනත් ටේබල් ලැම්ෆ් එකේ අදුරු එලියට මන් දැක්කේ.. ඔව් ඒ ආවෙ එයා. දොර ලග ටික වෙලාවක් එහෙමම හිටිය එයා ආවේ මගේ ලගට එත් එක්කම මන් ඇස් දෙක පියාගත්තෙ මෙ වේලාවේ එයාව දකින එක තවත් එක් හිත් රිදවීමක් විතරයි නිසා. එහෙමම මගෙ ඇද ලගින් දනගහාගෙන වාඩි උන එයා ..

'"""මගේ දිහා බලන්නවත් කැමති නැද්ද ම්ම්ම්ම්...
අදරේ කරන කොල්ලව මහා පාරෙ දාලා ආව තිරිසෙනෙක් දිහා තවත් මොකට බලන්නද .?

""""මන් දන්නේ නැ..මොනවද කියන්න ඕනි මොනවද කරන්න ඕනි කියලා .. ඒත් මට සමාවෙන්න මගෙ මැනික.. .. සාමාව දෙන්න එපා ඒත් ප්ලීස්ස් ... මට වෛර කරන්න එපා චුටි එහෙම උනොත් මන් මැරිලා යවි දෙයියනේ ..

දෙවියනේ එයා .. ඔව් එයා අඩනවා. මගෙ නපුරු කුමාරයා අඩනවා මගේ ලග ඉදගෙන කදුලු පේරගෙන හොදටම අඩනවා. කොහොම විශ්වාස කරන්නද මන්. ඒත් ඇයි හිතේ තියන දේවල් මට කිව්වේ නැත්තෙ. හැමදෙයක්ම නැති උනාට පස්සේ කිව්වම මන් මොනවද කරන්නේ අයියේ . මන් මේ මොනවද අහන්නේ.. දැන් ඇහුන දේවල් ඇත්තද..??. ඒත් දැන් වැඩක් තියෙයිද.. මගේ දෑස් වලට ආව කදුලු තදකරගෙන ඉන්න මන් ගොඩාක් ට්‍රයි කලා

"""දන්නවද චුටි.. මන් හරි බයයි බැදීම් වලට. ඒවා ඇති කරගන්න ලේසී එත් කවදාහරි එවා නැතිඋන දවසක අමතක කරන්න ලේසි නැ හැමදාම මැරි මැරි ජීවත් වෙන්න වෙන්නේ ....

තුහීන සේයා..Where stories live. Discover now