ජිවිතේ කියන්නේ හරි පුදුම දෙයක්.. කොයි මොහෙතේ මොනවා වෙනවද කියලා දන්නේ උඩ ඉන්න දෙයියෝ විතරයි ..
එක සැරයක් අදරයක් ඇති උනාම එක නැතිකර ගන්න හරිම අමාරුයි.. ඊටත් වඩා අමාරුයි තනියම අදරේ කරන එක.. මම අදරය කරන කෙනා මට අදරය කරනවද නැද්ද කියලාවත් හරියටම දන්නේ නැතුව හිතින් තනිවම අදරය කරන එක තරම් විදවන දෙයක් තවත් නැතුව ඇති..
ඔව මම අභිට අදරෙයි.. එයා දැක්ක දවසේ ඉදලම මම එයාට අදරෙයි .. තෙරුම් ගන්න ගොඩක් කල් ගියාට.. සමජේ මිනිස්සු මොනා කිව්වත් ලොකයෙන්ම කොන් කරලා දැම්මත් ...දැන් මම දන්නවා එයාට මම දැක්ක පලවෙනි දවසේ ඉදලම අදෙරේ කලා කියලා ...
ඒත්.. එය මම ගැන එ විදිහට හිතයිද.. බැරිවෙලාවත් එයා මට කැමති නැතිඋනොත්...එහෙමත් නැත්නම් එයාට වෙන කෙනෙක් දැනටමත් ඉන්නවා නම්.. ඒත් එයා බැදිම් ඇතිකරගන්න කැමති කෙනෙක් නෙවෙයි ..
"" ආ..යිශ්....''
මගේ කොන්ඩේ අතින් ඇදගත්තේ දැන්වත් මේ විකාර කල්පනා කරන එක නතර කරගන්න ඕනි නිසා... එක එක විකාර කල්පනා කරලා දැන් මගෙ ඔලුවත් රිදෙනවා
"" හොදම දේ තමයි හැමදෙයක්ම කාලයට බාර දිලා හිටිය විදිහටම ඉන්න එක...
අනේ දෙවියනේ මට උදාව් කරන්න..'"
මම අහස දිහා බලලා වැදල කිව්වේ උඩ ඉන්නවායි කියන දෙවියන්ට....
************************************
"" මැනිකේ නැන්දා ... කෝ ගෙදර කට්ටිය කව්රුත් නැද්ද අනේ... කොහේ ගිහින්ද හැමොම...""
ගෙදර හැම තැනම බලලත් කව්රුත් පේන්න හිටියෙ නැති නිසා වැඩට ඉන්න මැනිකේ නැන්දාගෙන් ඇහුවේ..මේ ගෙදර මිනිස්සු උදේ පාන්දර කොහේ ගිහින්ද කියලා කල්පනා කරන ගමන්..
""' අනේ චුටි බෙබි.. නොනා නම් උදේම කොහෙද ගියා..එතකොට ලොකු බෙබිත් උදේම කොහෙද ගියා..ලොකු මහත්තයා නම් ඔෆිස් කාමරේ හිටියා මන් හිතන්නේ...'''
එයා කියපු දේට හිනාවෙලා ඔලුව හොල්ලපු මම..
"" මන් චුටි බේබි කෙනෙක් නෙවෙයි අනේ හොදද ...?''
""" ලොකු නොනා තමයි එහෙම කියන්න කිව්වේ චුටි බේබි...""
""" ඔය ඉතින් ආයෙත් කිව්වා..""
YOU ARE READING
තුහීන සේයා..
Non-Fictionජිවිත කාලේම සතුටින් ඉන්න පුලුවන් අදරයක් ලැබෙන්නේ.. අවන්ක හදවතකින් විතරමයි..