කාමරයට ආව මම ඉක්මනට බැග් එකත් තියලා ටවල් එකත් එකත් අරන් ගියේ bathroom එකට .. ගිහින් තිබුන චුටි කන්නාඩියෙන් මගෙම මූන දිහා බලාගෙන හිටිය මම හිනා උනේ මටම...
මොන පිස්සුවක්ද මේ... මන් මොකටද එයාට ඊර්ෂ්යා කරන්නේ දෙයියනේ... එයා මට කියලා නැහැනේ මට කැමති කියලා ..ඉතින් මන් ඇයි මේ අඩන්නේ...
ඒත් කොහොමද දාරගන්නේ අදරය කරන කෙනා වෙන කෙනෙක්ගේ අතින් අල්ලගෙන කවදාවත් මාත් එක්ක හිනාවෙලා නැති විදිහට ලස්සනට හිනාවෙලා ඉද්දි ඇත්තමයි මගෙ පපුව පිච්චෙනවා..
""" අඩන්න එපා අයෙශ් ...උබ මොකටද දුක් වෙන්නේ..එයා ඔයාගේ කව්රුත් නෙවෙයි.... එ නිසා නිකන් ගැනියෙක් වගේ වෙන්නේ නැතුව පිරිමියෙක් වියන්..""
මන් මටම කියාගත්තේ රිදුන හිත හදාගන්න ඕනි නිසා.. ඇත්ත මම ඇයි මෙහෙම ඉන්නේ.. මන් එයාට අදෙරේ කරාට එයා එහෙම නැ.. එයාට මන් ගැන කිසිම හැගීමක් නැ..එයාගෙ හැසිරිමෙන් මන් එහෙම වැරදි වැටහිමක් ගත්තට එයා පලි නැ .....
ඔව් මමයි මෙතන වැරදිකාරයා ..මමම විතරයි ...
ඉක්මනට wosh එකක් දාගත්ත මම.. නිල් ඩෙනිමට සුදු ශර්ට් එකක් ඇදගෙන උඩ බොත්තම් දෙකත් ගලවලා දැම්මේ පුරුද්දට වගේ..
නාලා තෙත් උන කොන්ඩෙත් හදාගෙන පහලට යද්දි හැමොම 🎂 එක කපන්න එතනට වෙලා හිටියා...
""අහ්හ් ..ඔන්න අවා මගෙ අනිත් කොල්ලා... නැවද නැත්නම් දිය උනාද බලන්න ඇස් දෙකත් රතුවෙලා හොදටම .."""
"""වාව්ව්ව්.... නයෝම්...එයා හරිම cute කොල්ලෙක්නේ.. 😮"'
එතන හිටිය දෙතුන් දෙනෙක් එහෙම කියද්දි ලැජ්ජාවට මගෙ මුනත් රතු උනාද මන්දා..මන් එහෙමම බැලුවේ එයා දිහා.....පිලිගන්න එයාත් බලන් ඉන්නේ මන් දිහා හීනීයට හිනාවුන එයා කේක් එක කැපුවේ හැමොගෙම ආශිර්වාදය මැද්දේ...
""Happy birthday චුටි පුතා...."
ආන්ටියි අන්කලුයි එයාගෙ කම්මුලක් ඉබලා විශ් කලේ එයත් ලස්සනට හිනාවෙද්දී ..
එහෙමම අපේ අම්මා නන්ගිට...දනුකට වගේම කලින් එයාගෙ අතෙ එල්ලිලා හිටිය කෙල්ලටත් කේක් කෑල්ලක් කැව්වේ..
YOU ARE READING
තුහීන සේයා..
Non-Fictionජිවිත කාලේම සතුටින් ඉන්න පුලුවන් අදරයක් ලැබෙන්නේ.. අවන්ක හදවතකින් විතරමයි..