"" චුටි මහත්තයාට දැන් වෙන්න ඇති ගෙදර මතක්වෙන්න ඇත්තේ....""
ගේ ඇතුලට එනකොට ඇගට කාඩා පැන්නේ වෙන කව්රුත් නෙවෙයි ඉතින්..අර නපුරු කුමාරයා.. අම්මපා මේකා නම් මාව කන්නම බලන් ආව එකෙක්ද මන්දා..
"" ම්ම් ..ටිකක් පරක්කු උනා...""
"" ටිකක් ... හොද ටික..දැන් වෙලාව කියද අපරදේ හෙට උදේම ආවා නම් තිබුනා... එක එකත් එක්ක රවුම් ගහලා එනවා මෙතන .. ""
"" අනේ..මේ මන් කාත් එක්කවත් රවුම් ගැහුවේ නැ.. අනික මන් ආන්ටිට කියලා ගියේ.. ඔයා මොකද බොරුවට කැ ගහන්නේ....?""
ඇයි අප්පා..හැම නිතරම මේයගෙන් බැනුම් අහන්න ඕනි කියලා එකක් නැහැනේ... අනික මොන අයිතියකටද මට බනින්නේ..
"" ඕන්නැති වැඩ කරලා..එකෙන් එකට කියවගෙන ඇවිත් මට කියලා ඔය ලස්සනට තියන දත් ටික කඩාගන්න ලැස්ති වෙන්න එපා හරිද.. අයේ මන් කියන්නෑ ..""
එහෙම කියපු එයා ගියෙ මටත් රවාගෙන . මන් හිටිය තැනම ඉදලා බලාගෙන හිටියේ මේ යකාට හිටපු ගමන් හැදෙන පිස්සුව මොකක්ද කියලා කල්පනා කරද්දී ..
"" මොකෝ අරයා කැ ගහගෙනෙ ගියේ..""
"" මන් දන්නෙ කොහොමද ඒ ඔයාගේ පුතානේ ..🙄 වෙලාවක හොදට මොරපු කොහිල අල ටිකක් තම්බලා දෙන්න මුල්ග්ගින්න හොදවෙන්න... 😠""
එතනට ආව ආන්ටිටත් රවලා මන් කිව්වේ..එයා හිනාවෙද්දී.. මේයා මොකද හිනාවෙන්නේ මන් දැන් හිනාවෙන්න දෙයක් කිව්වද නෑනේ..
"" මමනම් දන්නවා ඉතින් ගොනා හැරෙන්නේ පොල් පැලේට කියලා .. ""
එයා කියද්දි මාත් අන්දුන් කුන්දුන්වෙලා ගියේ මොකක්ද ඒ කියපු හරුපේ කියලා .. කොහෙද ඉතින් මොකුත් අහන්නත් කලින්ම හිනාවෙලා එයා ගියේ මගෙ හිතෙ සමනල් ගැට ගොඩක් වැටෙද්දී ..
**********--***********
නිවාඩු දවස් දෙකත් ඉවර නිසා මම උදෙම ලැස්ති උනේ අද අනන්කලුත් නැති නිසා වැඩට යන්න රවින්ට එන්න කියලා කොල් එකකුත් දිලා....එකපාරටම කාමරෙට ආව එයා..
"" අද මාත් එක්ක යමු. . මන් ගිහින් දාන්නම්...'"'
"" ඕ..ඔන්නැ..රවින් එනවා කිව්වා ..""
YOU ARE READING
තුහීන සේයා..
Non-Fictionජිවිත කාලේම සතුටින් ඉන්න පුලුවන් අදරයක් ලැබෙන්නේ.. අවන්ක හදවතකින් විතරමයි..