"" good morning සුදූ...""
"" අහ්හ් මේ මොකෝ මේ.. අදත් උදේම ඇහැරගෙන.. ""
නිවාඩු දවසක් වෙලත් උදේම ඇහැරගෙන ඉන්න අභිගේ අම්මා අයෙශ්ගෙන් ඇහුවේ කිරි එකකුත් හදලා අතට දෙන ගමන්...
"" නින්ද යන්නෙ නැහැ ඇන්ටි.. ගෙදර හිටියත් මම හැමදාම මේ වේලාවට ඇහැරෙනවා.. කෝ ඔයාගේ චුටි පුතා තාම නිදිද.. ??""
අයෙශ් ඇහුවේ උඩ තට්ටුව දිහා බලාගෙන ..ඉයේ එයාව ගෙනත් දාලා ගෙදරින් ගියාට පස්සේ අභිව නොදැක්ක නිසා..
" හ්ම්ම්.. ඔව්. ඉයේ කීයට ගෙදර අවද මන්දා.. මන් ටිකකට කලින් ගිහින් බලද්දී නම් හොදට නිදි ... """
"" හ්ම්ම්. අන්කල් ආවේ නැද්ද ..?""
"" නැ පුතා..එයා තව දවස් දෙක තුනකින් විතර එයි මන් හිතන්නේ.. මේ... ඊයේ ඇත්තටම මොකද උනේ....?""
"" හ්ම්මෝ.. ඒ ගැන නම් මතක් කරන්න එපා... ""
" ඒ මොකො.. """
කුස්සියට යන්න ආව අභිට ඇහුනේ ..කුස්සියේ ෆැන්ටි කබඩ් එක උඩ ඉදගෙන කකුල් දෙකත් පද්ද පද්ද බර කතාවක් ඉන්න අයෙශ්ව..
එහෙමම එතනට යන්නේ නැතුව නැවතුන අභි ලග තිබුන මේසය ලගින් පුටුවක් අරගෙන phone එකත් අරගෙන වාඩි උනේ.. මේ දෙන්නගේ කතාව මොකක්ද කියලා දැනගන්න වගේ..
අනික අභිට අයෙශ්ට මුන දෙන්න විදිහක් හිතාගන්න බැරිව හිටියේ ඊයේ ගැහුව නිසා එයා හිතුවේ අයෙශ් ඉන්නේ තමන් එක්ක තරහින් කියලා ...
""" නිකන් .. ඉයේ රවීන්ට පොඩි කරදරයක් උනා උ හෙන අවුලෙන් හිටියේ එ නිසා මන් එයත් ටිකක් කතා කර කර ඉද්දි දන්නෙම නැතුව රැ උනා...
ගෙදර එන්න කියලා හදනකොට තමයි ඔයාගේ චුටි පුතා ගිහින් මගේ කන පුරාම පාරක් දුන්නේ ..""'
අහින්සක හිනාවක් දාල අයෙශ් එහෙම කියද්දි අභිගේ මව බැලුවේ පුදුමෙන් වගේ..
හැබැයි ඔය අතරේ ඒ කතාව අහගෙන බොරුවට phone එක ඔබන කෙනෙකුත් ඉන්නවා. අභිට දැනගන්න ඕනි උනේ අයෙශ්ගෙ හිතේ තමන් ගැන තරහක් තියනවද නැද්ද කියලා විතරයි . .
"" කවුද .. අපේ අභි.. ඔයාට ගැහුවා..??""
ඇය ඇහුවේ පුදුමෙන් ..
.
"" ඔව් ඔව් ඔයාගෙ පුතා තමයි .. මේ තාමත් මගේ තොල ඉදිමිලා.... ආයෙ නම් ඔය යකාව එවන්න එපා..
YOU ARE READING
තුහීන සේයා..
Non-Fictionජිවිත කාලේම සතුටින් ඉන්න පුලුවන් අදරයක් ලැබෙන්නේ.. අවන්ක හදවතකින් විතරමයි..