🥀Haters OR Lovers 💖Chapter 10

1K 149 25
                                    



ඉතින් හැමෝම තමන් කැමති කෙනා තමන්ගේ යාලුවා , ලවර් එක්ක කණ්ඩායම් වෙද්දි කිසිම කෙනෙක් ශාන් ගාවටවත් යීබෝගාවටවත් කිට්ටුවුනෙ නැ අන්තිමට ඉතුරු වුනේ ඒ දෙන්නට දෙන්නා විතරයි හැමෝම පුදුමෙන් බලන් හිටියේ ඒ දෙන්නට දෙන්නා රවාගෙන ඒ දෙන්නා දිහාම බලාගෙන ඉන්න හැටි

💚තමුසේ මගේ පාට්නර්
ඒකනම් කියටවත් කරන්නැ මම

❤️මේ ලොකේ ඉන්න අන්තිමම මනුස්සයා තමුසේ වුනත් මමනම් තමුසේ එක්ක එකට ඉන්නැ

දෙන්නම ගිනි පිටවෙන්න වගේ රතු වෙලා තියෙන ඇස්වලින් බලන් හිටියේ හිතින් බැන බැනමයි

" ශාන්, යීබෝ ඔය දෙන්නා තමයි partners ලා
දැන් තමන්ගේ කාමරවලට යන්න "

දෙන්නම කොච්චර අකමැතිවුනත් අන්තිමට partners ලා වෙලා ඒකම කාමරේකත් ඉන්නවුනා

කිසිම කතාබහක් නැතුව කාමරේට ගිහින් වොෂ් එකක් දාගෙන දෙන්නම ආයෙත් අනිත් අය ලගට ගියේ රැ කෑමට

🖤ඒයි ශානා මෙහෙට එන්න..

ඈත තියාම ශාන් එනව දැකපු යුබින් පුරුදු විදියටම මහා සද්දෙන් බෙරිහන් දිලා කෑගන්න ගත්තා
තමන්ගේ පිස්සු යාලුවෝ ටිකව දැක්ක ශානුත් මෙච්චර වේලා ලේ කදුලක් නැතුව මැලවිලා තිබුන මුන හිනාවෙන් පුරවගෙනම ටේබල් එක ලගට ආවා

💖 ශාන් ඔයා හොදින් නේද?

❤️මොන හොදක්ද ජියැන්
විනෝද වෙන්න කියලා හිතන් ආපු මුලු ගමනම අර මනුස්සයා නිසා අපායක් වෙලා දැන්

🤎ඇත්තට ශානා උබ එළියට බැහැලා තියෙන්නේ රාහු කාලේ ඒකනේ ඔය උබේ හෙණහුරා දැන් උබේ පස්සෙන්ම ඉන්නේ

🧡යිබෝට එහෙම කියන්න එපා බන් අනික ඒකා අපිට කිසි ප්‍රශ්නයක් දාන්නෙත් නැහැනේ
අපි හැමෝම එකටනේ හිටියේ බන් ඇයි ඉස්සර වගේ ඉන්න බැරි අපිට

🤎අනේ මේ චෙනා උබට ඕනනම් හිටහන්

💖මේ කනවනම් කනවද කට්ටිය මෙතන විකාර නොකර

🖤ඒකනේ මේ මම වගේ කටපියන් කාපන්කෝ බන්

🧡කට පියන් කොහොමද බූරුවෝ කන්නේ

රැ12 පහුවෙලා හැමෝම හොද නින්දේ
ඒත් එක සැරේටම යිබෝ නින්දෙන් අවදිවුනේ කෙදිරිලි හඩක් එක්ක කාගේදෝ කියවිල්ලක් ඇහුන නිසයි

Haters or Lovers 🥀💖  ✅Where stories live. Discover now