Zhan POV
ඔලුවෙන් දැනුන වේදනාවත් වටපිටාවෙන් ඇහෙන කටහඩවලුත් එක්ක මම ඇස් ඇරලා බැලුවත් දකින්න පුලුවන් වුනේ පාලුවට ගිහිපු පරන වෙච්ච බිත්ති වලින් වට වුන කාමරයක්
මාව පුටුවකට තියලා ගැට ගහලා
තව වට පිට බලද්දියි මට එහා පැත්තෙන්ම පුටුවකට තියලා ගෙට ගහලා ඉන්න බිනාව දැක්කේ....බිනාටත් තවම සිහියක් නැහැඇත්තටම අපි මේ කොහෙද අපිව මෙහෙට අරන් ආපු මිනිස්සු කවුද
ඒ වෙන් චාඕගේ මිනිස්සු වෙන්න පුලුවන්දඑහෙමනම් මෙතනින් පස්සේ මොනවා වෙයිද
අනේ මගේ බෝ දැන් බයවෙලා මාව හොයනවා ඇති ඇත්තටම දැන් වෙලාව කියදවත් කියන්න මම දන්නැමට දැනුනේ පුදුමාකාර අසරනකමක්
ඒත් මට බැ මෙහෙම පරාජය බාරගන්න මොනම විදියකට හරි මෙතනින් පැනගන්න ඕන බිනාවත් අරගෙන
මම බැදලා තියෙන බැමි ලිහන්න පුලුවන් තරන් දැගලුවා ඒත් වැඩක් නැ ඒකෙන් මට තවත් වේදනාවක් දැනෙන එක විතරයි වුනේ.....
ඔලුව පැලුන තැන ලේ කැටි ගැහිලා නිසා තව දුරටත් ලේ ගලන්නේ නැතිවුනත් දැනෙන වේදනාවනම් ඉවසන්න බැරි තරම්කොටින්ම මට ඔලුව උස්සගෙන ඉන්නවත් පනක් නැහැ
මම ටිකක් දගලලා කරලා පුටුව බිනා ලගට ලන් කරගන්න හදද්දිම දොරක් ඇරෙන සද්දයක් වගේම ලන් ලන්වෙන අඩි සද්ද කිහිපයක් ඇහුනා
ඔව් කවුරු හරි එනවා අපි ලගට
මමත් අපිව උස්සන් ආවේ හරියටම මොකාද කියලා දැනගන්න ඕන නිසා වේදනාව කාගෙන ඉවසගෙන ඔලුව උස්සගෙන හිටියාඒත් මගේ ඇස් ඉස්සරහට ආපු රුව දැක්කම මම දැන් අඩන්නද හිනාවෙන්නද කියලා මට හිතාගන්න බැරිවුනා
💚දෙවියනේ මගේ වස්තුව
ඔව් ඒ උන්නේ මගේ බෝ ඒ විතරක් නෙවෙයි ශූවා, හොබී හියොනුත් හිටියා
මාවයි බින්වයි දැකපු එයාලා පුදුම වුනා වගේම කලබල වුනා
මාව ලිහන්නවත් සිහියක් නැති තරමට බෝ කලබ වෙද්දි තුවාලෙන් ගලපු ලේ දැකලා එයා බය වෙලා කෑගගහා මාව තුරුලු කරගත්තා
![](https://img.wattpad.com/cover/328553203-288-k590219.jpg)
YOU ARE READING
Haters or Lovers 🥀💖 ✅
Fiksi Penggemar💚මම තමුන්ටත් වෛර කරනවා ❤️ මට වෛර කරන්න හේතුවක් තියෙනවද ඔයාට?