" කලින්ම ඇවිත්නේ පුතාලා"බංගලාවට ඇතුල් වෙද්දිම ඉදිරි දොරකොඩට පැමිණි යීබෝගේ මවගේ මුවග සිනහාව නිසා බැබලුනා
💙අපි ආපු එක හොද නැද්ද මමි
යුවාන් මුහුණත් නරක් කරගෙන බොරු අමනාපයක් මවාගෙන ඇසුවේය
" අනේ චුටි මම කියන්නැ ඔයාට , මම බලන් හිටියා පුදුම පාළුයි ඔයාලා නැතුව"
💙ඒකනේ අපේ මමිට මේ සුදු පුතාලා නැතුව බෑනේ
" හරි හරි ඇගේ එල්ලෙන්නේ නැතුව ඉන්න චුටි මේ නාකී මගේ කොන්ද කැඩෙයි"
💙අනා කවුද නාකී ඔයා තම කෙල්ල වගේ එන්නේ මමි
" හා හා බටර් ගාන්න ඕන නැ කෝ යමු ලොකූ , පොඩි යමු ගිහින් වොෂ් දාගෙන එන්න මම කෑම මේසෙට අරින්නම්"
💚හරි මමි
අත්වාරුවක් නැතුව තනිවම විසිත්ත කාමරයේ සිට පඩිපෙළ ලගට ඇවිද ආවත් පඩිපෙළ දුටු සැනින් ශාන්ට තරු පෙනෙන්නට ගත්තා
❤️ආශ් මේක නැග්ගොත් ආයේ කකුල් දෙකෙන් හිටගන්න වෙන්නැ පුතෝ
💚කෝ යමු
තනිව එසේ තමාටම කියාගනිමින් සිටි ශාන් ක්ෂනයකින් යීබෝගේ හඩ නිසා ගැස්සුනා
❤️ඕ මේ මොකද යීබෝ මට පුලුවන්
මම තනියම යන්නම්💚දවල් තරු බලන්න ආසද ම්ම්?
කටනම් තියෙනවාශාන්ව උස්සගෙන පඩියෙන් පඩිය ඉහළට නගිමින් යීබෝ ශාන්ට බැන වදි
ශාන්නම් මීක් නොගා නිහඩව සිටින්නේ යීබෝගේ මේ හැසිරිම නුපුරුදු නිසාත් ඒ හැසිරිමට ශාන් කැමති නිසාත්යශාන්ගේ කාමරය ඇතලටම ඇවිදින් ශාන්ව පරිස්සමින් බිමින් තියපු යීබෝ
වහලා තියෙන ජනේලයක් විවෘත කරේ කාමරයට නැවුම් සුළගක් එන්නයි💚වොෂ් දාගෙන මැසේජ් එකක් දාන්න කෑම කන්න එක්ක යන්නම්
❤️මම හිමින් යන්න..
💚අනේ මේ අඩු කඩාගන්නේ නැතුව ඉන්නවා ශාන් පන්ඩිත නොවි
ඇගට පන නැති වුන වෙලාවේ ඔය කටට පන නැති වුන්නැනේශාන්ට තම වාක්ය අවසන් කිරිමටත් නොදුන් යීබෝ එක දිගට ශාන්ට කෑගැසුවා
දැන්නම් කලින් යීබෝමයි කිසි වෙනසක් නැ ඒ රැවිල්ල , ඒ සද්දේ එහෙම්මමයි
YOU ARE READING
Haters or Lovers 🥀💖 ✅
Fanfic💚මම තමුන්ටත් වෛර කරනවා ❤️ මට වෛර කරන්න හේතුවක් තියෙනවද ඔයාට?