🥀Haters OR Lovers 💖Chapter 20

846 127 17
                                    

මුහුදු වැල්ලේ දනින් වැටුන ශාන්
හද එළියට ලාවට පෙනෙන නිමක් නොපෙනෙන මුහුද දිහා බලාන කල්පනාවට වැටුනා

Zhan pov

❤️ම..මට මොකද මේ වෙලා තියෙන්නේ?
ශාන් උබ මොකටද ඒවා හිතන්නේ , හිතන්න එපා හිතන්න එපා ඒ ගැන
ඔව් මම විතරක් වෙන්න ඇති එහෙම හිතුවේ
අනික මාව මරන්න තරම් තරහකින් උන්නු යීබෝ මට ආදරේ කරයිද කොයි වෙලෙත් ඒයාගේ පපාගේ මරනෙට මගේ මමයි , පපයි වගකියන්න ඕන කිව්වා ඒයා මේ මට ආදරේ කරයිද

නැ කවමදාවත් නැ..
උබට විකාර ශාන් විකාර හොදටම පිස්සු

මම දෑතින්ම මගේ කදුළු පිහිද ගත්තා
ඇත්තට ඇයි මම අඩන්නේ මොකට අඩනවද
කිසිම කෙනෙක්ගේ හිතේ අපිට බලෙන් හැගීමක් ඇති කරන්න බැනේ
ඉතින් මම මටම තරවටු කරගත්තා
මගේ හැගීම් වලටම වෛර කරන්න ගත්තා

සීතල වැල්ලේ මම දිගා වුනා සීතල වැලි කැටවලින් දැනෙන සීතලටයි හමන හුළග නිසයි මාව වෙව්ලන්න ගත්තා. ඒත් මම නෙවෙයි නැගිට්ටේ මම එහෙමම උන්නා
අහසේ පේන හද වට කරගෙන ඉන්න තරු කැට කිහා මම බලාන උන්නා

හරියට යිබොත් අර තරුවක් වගේ ඇස් දෙකට පෙනුනත් කවදාවත්ම ලංවෙන්න බැ

කොයිතරම් වේලාවක් මම එහෙම උන්නද කියන්න මමවත් දන්නැ
සීතල වැඩි කමට මම හොදටම වෙව්ලනවා
ගලපු කදුළු කම්මුල් පුරා වේලුන පාරවල් තිබුනා ඒ විදියටම මම ඇඩුවා කියන්න සාක්ෂියක් විදියට

බෝතල් ගේනකල් බලන් උන්න කට්ටිය යන්න ගිහින් හිස් වුන බෝතල් විතරක් ටේබල් එකේ තනි රැක්කා
ඒ දිහා බලලා හුස්මක් පිට කරපු මම කාමරේට එන්න ආවා...

ඇදට වැටුනත් නින්දක් අහලකවත් නැ
කවුරු වෙන්න ඇත්ද ඒ කෙල්ල
ඒ සම්බන්දේ මොකක් වෙන්න පුලුවන්ද

කොයිතරම් හිත හදාගන්න හැදුවත්
මාව ඇතුලින් පිච්චෙනවා වගෙයි දැනුනේ
කාටද දෙයියනේ උහුලන්න පුළුවන් තමන්ගේ පළවෙනි ආදරේ උපන්ගෙයිම මරලා දාන්න කාටද පුලුවන්

මගේ ඇස් කොන්වලින් ආයෙත් කදුළු වැටුනා මුණ දිගේ රුටල ගිය කදුළු බින්දු ඇද මෙට්ටෙට වැටිලා අතුරු දහන් වෙලා ගියා

Haters or Lovers 🥀💖  ✅Where stories live. Discover now