දොර වැසුන ශබ්දය ඇසුන පමණින් මෙතෙන් දෑස් වසාගෙන සිටි ශාන් දොර දෙස හැරි බලා තමන්ගේ වේගයෙන් ගැහෙන පපුවට අතක් තියාගෙන❤️යී..යීබෝ...
Zhan p.o.v
කන ලගින් ඇහෙන හුරුපුරුදු කටහඩත් එක්ක මම අවදි වුනා
ඇස් අරින්න බැලුවත් බැහැ ඇස් පිහාටුවල බර ගල් එල්ලලා වගේ ඒ තරම්ම අපහසුයි..
එත් වේදනා දෙන අතට දැනුන ස්පර්ශය නිසා මට දැනුනේ ඇග දිගේ කරන්ට් එකක් දුවනවා වගේ
දැනුන ඒ උණුසුම්පහස නිසා මම මොහොතකට ගල් ගැහුනාඒත් එක්කම ආයෙත් කනට ඇහෙන නොඇහෙන ගානට ඒ සුපුරුදු කටහඩ මොනවදෝ මුමුණනවා
මට දැනගන්න ඕන කවුද මේ මාලග ඉන්නේ කියලා
මම ඇස් අරින්න ආයේ උත්සාහ කරා ඒත් එක පාරටම කලින් දැනුන උණුසුම් පහසම මගේ දෑස්වලටත් දැනෙන්න ගත්තා
දෙවියනේ ඒ විතරක් නෙවෙයි මගේ එක කමුලකටත්
එතකොටයි මට තේරුනේ ඒ දැනෙන්නේ දෙතොල් පහසක් කියලා
මගේ ඇග දිගේ හිරියක් දිව්වා..දොර වැහෙන සද්දේ ඇහෙද්දි මම හැරිලා බැලුවා
මම යන්තමට දොරේ වීදුරුවෙන් දැක්කේ ඒ චායාව❤️යී.. යීබෝ...
ඔව් ඒ යීබෝ මට හොදටම විශ්වාසයි ඒ එයා කියලා
ඒත් ඇයි ඒයා එහෙම කරේ?
මගේ හිතේ ප්රශ්න කෝටියයි දැන්තත්පර , විනාඩි ගානක් ගෙවිලා ලියා මම දොර දිහාම බලන් උන්නේ යීබෝ ආයෙත් එනවා දකින්න ඕන නිසයි
දොර ඇරුනා ඒත් නැ යීබෝ නෙවෙයි නර්ස් කෙනෙක්
මම අවදියෙන් කියලා දැකපු නර්ස් ආයෙත් ඉක්මනටම කාමරෙන් එළියට ගිහින් ඩොක්ට කෙනෙක් එක්කම ආයෙත් ඇතුලට ආවා" දැන් කොහොමද පුතා ඇගට අමාරුවක් එහෙම දැනෙනවද?"
ඩොක්ටර් මගෙන් එහෙම ඇහුවත් ඇගට අමාරුවක් නොදැනුනත් කට ඇරලා නැහැ කියන්න බැ මුලු උගුරම වේලිලා වගේ දනවත් එක්ක
ඉතින් මම නැහැ කියන්න හිස සැලුවා
" හරි ඔයාට තව දවසක් විතර විවේක ගද්දි හොදටම හොද වෙයි , දැන් පුතාගේ බෝයි ඒවි ඒයා ඔයාට කෑම ගෙන්න ගියේ "
මගේ බෝයි ? යීබෝ ගැනවත්ද මේ ඩොක්ට කියන්නේ
❤️ම.. ගේ බෝයි?
YOU ARE READING
Haters or Lovers 🥀💖 ✅
Fanfiction💚මම තමුන්ටත් වෛර කරනවා ❤️ මට වෛර කරන්න හේතුවක් තියෙනවද ඔයාට?