🥀Haters OR Lovers 💖Chapter 26

711 104 37
                                    

Yibo POV

පරක්කුවෙනවා කියලා කියවන බනීගේ කම්මුලකටත් කිස් එකක් දිලා මම කාමරෙන් එළියට යන්න දොර ඇරියා විතරයි කපාදාපු ගස් කදන් දෙකක්  මගෙ ඇගට වැටුනා වගෙයි දැනුනේ..

ඒ බර උහුලගන්න බැරුව සමබරතාවේ නැතිවුන මාත් මගෙ ඇග උඩට වැටුන පිටි මුට්ට දෙක එක්කම බිමට පතබෑවුනා..

💚ආශ්... මගෙ කොන්ද

❤️බෝ.. කෝ නැගිටින්න

අඩියට දෙකට මා ලගට දුවගෙන ආපු එයා මගේ ඇග උඩ පත බෑවිලා ඉන්න ඩබලව පැත්තකට කරලා මාව නැගිට්ටුවා

🖤 අම්බෝ මගෙ නහය ඇනුනා බන්

🧡මන් තොට කිව්වා දොරට හේත්තු දාන්න එපා කියලා

එයයි මමයි දෙන්නම පුදුමෙන් බලන් උන්නේ මාවත් පෙරලගෙනම වැටුන බිනායි චෙනායි තාමත් බිම ඉදගෙන දෙන්නට දෙන්නා බැන ගන්න හැටි

💚මොන හු යන්නක්ද බන් උබලා මේ පාන්දර කරන්නෙ ?

මම ඇහුවේ සද්දෙට කේන්තියෙන්.. ඔන්න මගෙ කටේ සද්දෙ ඇහුනමයි ඩබලම සිහියට ආවෙ

🖤ආහ්... ශානායා යීබෝවෝ අපි මේ.. අපි

❤️ඔව් ඔව් ඉතින් කියහන් උබල මොකත මෙහේ කරන්නේ

🖤අපි ආවේ උබලා එක්කම කැම්පස් එකට යන්න ඇයි අපිට එන්න හොද නැද්ද ආ?

කලින් වචන අමුණ අමුණ හේතු කිව්ව බිනාට යකා ආවේස වුනා වගේ අපි දෙන්නගෙ ඇගට කඩන් පැන්නා
ආව එක හරි කියමු මුන් දෙන්න මොන මගුලක්ද දොර ලග කරේ

💚හා හා ඒකට ආවනම් දොර ලග ඉදලා ඇයි උබලා හොරගල් ඇහිලුවේ

❤️ආන්න ඇත්ත කෝ උත්තර

🧡අනෙ බන් මේ මම නෙවෙයි මෙන්න මු තමා ඇතුලේ යම්කිසි දෙයක් වෙනවා කියලා දොරට කන තියාගෙන ඕපේ හෙව්වෙ

චෙනා පැනපු ගමන් මුළු විස්තරේම එක හුස්මට කියාගෙන යද්දි බිනා චෙනා දිහා බලන් හිටියේ 'උබව මම අද ඩෙවල් දානවා' වගේ බැල්මක්.. චෙනා ඇස් කොනින් බිනා දිහා එකම එකපාරක් බලලා හිමින් සෑරේ මගේ ලගට කිට්ටු වුනා

🖤පාප මිත්‍ර්‍යා තෝ වරෙන්කෝ අක්කව ඉල්ලගෙන
අක්කා තියා ගෙදර බල්ලවත් දෙන්නැ උබටනම් මම

Haters or Lovers 🥀💖  ✅Where stories live. Discover now