Chapter 02

339 39 20
                                    

...........

පැය දෙක තුනක් යද්දි ම මට තේරුණා මේක දැන් ම ඉවර වෙන එකක් නම් නෑ කියලා.. තේෂූ එයාගෙ යාලුවො එක්ක කතා කරන නිසා මං එහායින් තිබුණ හිස් ටේබල් එකක් ගාවට ගිහින් ඉද ගත්තේ තේෂු ව මට පේන විදිහට.. ගොඩ වෙලාවක ඉදන් ඇගට මහන්සියක් දැනුණ නිසා මං නැගිටලා තේෂූ ළගට යන්න හදනවත් එක්ක ම..

හායි...

ඔහ්... කො...කොහොමද .. මං සාමාන්‍ය විදිහට එයා එක්ක කතා කරා.. ඉස්සර නම් එයා කතා කරනකම් මගෙ හිත බලන් ඉදපු වාර අනන්තයි ... ඒත් දැන් එයා කතා කරත් නැතත් මං දන්නෙ නෑ මගෙ හිත දැන් ආදරෙන් පිරෙන්නෙ මගෙ තේෂු ළඟදි විතරයි..

දැන් කතා කරන්න පුලුවන් ද.. නැත්තම් ඔයා බිසී ද..

නෑ පූර්ණ පුලුවන් කියන්න... මං ඉන්න අමාරු වුණත් සාමාන්‍ය විදිහට කිව්වෙ මගෙ මොන ප්‍රශ්නයක්වත් තේෂු ළඟදි ඇරෙන්න වෙන කා ළගදිවත් කියන්න මං අකමැති නිසා..

ඉතිං ඉස්කොලෙන් පස්සෙ අපි හම්බුණ පළවෙනි වතාව නෙහ්.. හොදින් ඉන්නව ද..

ම්... ගොඩක් හොදින්.. ඔයාට කොහොමද ..

අවුලක් නෑ.. ඉතිං කවදද දෙන්නා මැරි කරේ..

ක්..කවුද..

ඔයයි තේෂාන් සචින්ද යි..

ආහ්.. අපි මැරි කරේ නෑ තාම...

ඔහ්.. සොරි.. මං හිතුවේ දෙන්නා මැරි කරලා කියලා.. මම නම් ඉතිං මැරි කරා..

හ්ම්.. මට කිව්වා..

කවුද..

තිසුරි...

ඔහ්.. එයාව තමා මං මැරි කරේ...

Congratulations ...

Thank you.. ඉතිං දැන් ඔයාගෙ අසනීපෙ කොහොමද ... පූර්ණ අහද්දි මං එයා දිහා බැලුවේ මේ වෙනකම් ඒ ගැන ඉස්කොලෙ ඉදපු අයගෙන් දැන ගෙන ඉදියේ දෙන්නෙක් විතරක් නිසා...

ඔ..ඔයා කොහොමද ..

ඔහ්.. සොරි.. මට තිසුරි කිව්වේ...

එ..එයා කොහොමද ...

එයා කිව්වෙ ඔයා කිව්වා කියලා.. දෙන්නා යාලුවො නෙ.. ඇත්තට ම මං හිතුවෙ ඔයාට හැම වෙලේ ම ක්ලාස් එකෙ දි තිසුරි හිනා වුණ නිසා දෙන්නා තරහයි කියලා.. ඒත් පස්සෙන් නේ මට තිසුරි කිව්වේ..

He Is My Painkiller  ( Complete )Where stories live. Discover now