I want...
What..? මං අහද්දි තේෂාන් සීට් බෙල්ට් එක ගලවලා මගෙ ළගට ළං වුණා... එයා මගෙ ඇස් දිහා බලද්දි මට ලාවට හිනා ගියා... මං ඇස් දෙක පියා ගන්නවත් එක්ක ම..
ඒයී ඒයී මොනා ද කරන්නේ ආහ්හ්.... සිතූ කාර් එකට එබෙන ගමන් කියද්දි
අම්මා හ්..... තේෂාන් කිව්වෙ බයවෙලා... තේෂූ කිව්ව එකත් ඇත්ත මේකා නම් හොද ම වෙලාවට මැද්දෙන් පයින ඇවිදින බෝම්බයක්...😒
මොකද ඕයි...මැනස්.. මැනස් කියලා දෙයක් දන්නෙ නැද්ද... disgusting..මැනස්.. අනේ මේ බිං ඌරෝ මට මැනස් කියා දෙන්න කලින් තමුන් මැනස් ඉගෙන ගන්නවා.. මගෙ මේ ළදරු දෑස විනාස නොකර...
ළදරු දෑස්... දෑස් නෙවෙයි... තවුසෙ ගෙ ළදරු මොලේ.. ඌරී...යාහ්... මේ හිවල් කොටෝ ගහනවා මැරෙන්න හොදේ...
අයියෝ හරි හරි දැන් ඕක නවත්තන්න සිතූ... එයා මොකුත් කරෙ නෑනේ...යාහ් සුඩුනෝනා ඔයා දැන් මේ ඌරාගෙ පැත්තේ නේද...
අනේ ඒම දෙයක් නෑ. අහන්නකෝ සිතූ මං කිව්වේ..නෑ නෑ ඔයා කිව්වෙ ඒකා හරි මං වැරදි කියල නේ....
මං කිව්වෙ ඒක නෙවෙයි... මං කිව්වෙ කාර් එකෙන් බහින ගමන්.... තේෂුත් කාර් එකෙන් බැහැල තරහට දොරත් හයියෙන් වහලා ගේ ඇතුළට ගියා...බය වෙයි මං... ඩොංකියා..
එපා සිතූ...
ඇයි... පෙම් සිත රිදුන ද... සුඩු මහත්තයට බනින කොට...
ඒම එකක් නෑ. ඔයා බොරුවට නේ එයාට කෑ ගැහුවේ...
බොරුවට මොකද්ද... එයා මොනා ද කරන්න ගියෙ ආහ්.. මං වගෙ දැහැමි අහිංසක ළමයෙක් ඉන්න තැන..දැහැමි..? අහිංසක..?
ඔව් ඇයි...
මං කියන්නෙ නෑ සිතූ... ඔයා නේ ඉතිං අනුන්ගේ කාර් වලට එඹුණේ...
ඒ වුණාට ඒක ඇතුළේ ඉදියේ මගෙ යාලුව නේ...
හ්හ්ම්... ඒකත් ඇත්ත තමයි... හරි අපි යමු කෝ... කෝ ටාෂි..
ඇතුළේ... සිතූ කිව්වා.. හරි එහෙනම් ඊළගට ඒ දෙන්නගෙ රණ්ඩුව බේරමුකෝ.... මේ දෙන්නා නැති පැත්තකට තමා මැරි කරා ම යන ඕනි... නැත්තම් ඒ දවසෙත් තුන් දෙනාගෙ රණ්ඩු බේරන්න වෙන්නෙ මට...ඕක දෙනවා..
බෑ.... මං නේ ගත්තේ..මේ ගහනවා හොදේ...
බය වෙයි මං ටකයට....
ඇයි ඇයි මොකො ඔයා... ටාෂි කිව්වේ තේෂු ට ගහන්න මල් වාස් එක උස්සන ගමන්..
YOU ARE READING
He Is My Painkiller ( Complete )
Non-Fictionතේෂූ.. මගෙ ආදරේ.. මගෙ අම්මා වගෙ ම මගෙ තාත්තා.. තේෂාන් සචින්ද විජේරත්න ... Wijerathna Industries එකේ බාල පුතා.. තාත්තා කියන විදිහට නොසන්සාලයෙක් , අම්මා කියන විදිහට දගකාරයෙක් අයියා කියන විදිහට හුරතලෙක්.. මගෙ විදිහට බෙහෙතක්.. He is My Painkiller in...