Chapter 16

105 13 4
                                    

    මට මොකො... එයාට එපා නම්.. තේෂු කට්ටියත් එක්ක ම යන පිටිපස්සෙන් මාත් යනවත් එක්ක ම මගෙ පෝන් එකට ආව කෝල් එක නිසා මං නැවතුනා... කෝල් එකෙන් ඇහුණ දේ එක්ක මගෙ අතේ තිබුණ පොතයි වතුර බෝතලෙයි බිමට වැටුණා... එතන ඉදපු ළමයි හැමෝම මං දිහා බලද්දි ම මගෙ කකුල් දෙක පණ නැතුව බිම ඉන්දෙව්නා...

   මිනු... තේෂු ඉක්මනට මගෙ ළගට ආවා... මට ඕනි වෙන හැම වෙලේ ම ඔයා මං ළගට එනකොට මං කොහොමද ඔයා නැතුව ඉන්නේ..

  ට්...තේෂු...අ..අම්මා... මං කිව්වෙ ඇස් වල කදුළු පිරෙනකොට... මට ඇඩුණා...

  What Happened... tell me...

  අ..අම්මා...අම්මා හොස්පිටල් එකෙලු... තේෂු... අ...අම්මා.. මං අඩන ගමන් කිව්වා...

   මිනූ .... එන්න අපි යමු... තේෂු කිව්වෙ මගෙ අතින් අල්ලලා නැගිට්ටවන ගමන්...
   
  මට කිසිම දෙයක් හිතා ගන්න බැරි වුණා... අම්මට එක පාරට ම අසනීප වුණේ කොහොමද ... ඇයි එයා මට කිව්වෙ නැත්තේ... මොනා ද වුණේ... මගෙ ඔලුව විකාරයක් වගේ..

  බබා... clam down... අම්මා හොදින් ඇති...
 
   එ...ඒයා හො..දින් ඇ...ති නේ..ද තේෂු..

  හ්ම්.. trust me.... තේෂු කිව්වෙ මගෙ අතින් අල්ල ගන්න ගමන්...
  
   මං තේෂු එක්ක හොස්පිටල් එකට යනකොට ගොඩක් රෑ වෙලා තිබුණා... ඒ එක්ක ම එක පාරට ම කොහෙ ඉදන් ද මං දා වැස්සක් කඩන් පාත් වුණේ අකුණු ගහන ගමන්.. මට ගොඩක් බය හිතුනා... වැස්සෙ සද්දෙට වඩා මට ඇහුණේ බයෙන් ගැහෙන මගෙ හිතේ සද්දේ...

  අක්කේ..... සෙනුරි මං දිහා බලන් කිව්වෙ ඇස් වල තිබුණ කදුළු තවත් වැඩි වෙද්දි...
   
  අම්මා... මොකද සෙනුරි වුණේ...
 
  අ..අම්මා හාර්ට් ඇටෑක් එකක් අක්කේ... අනෙ මට බයයි... සෙනුරි අඩන ගමන් කියද්දි මං එයාව බදා ගත්තා...

   ඩ්.ඩොක්ටර් අම්මට... මං කිව්වෙ ඇතුළෙ ඉදන් ආව ඩොක්ටර් කෙනෙක් ළගට යන ගමන්...

   ඔයා පේෂන්ට් ගේ දුව ද...

   ඔ...ඔව්....
  
   මා එක්ක එන්න... ටිකක්... ඩොක්ටර් කියද්දි මං ඔලුව වනලා ඩොක්ටර් එක්ක යද්දි තේෂුත් මා එක්ක ම ආවා...

   ඇයි කලින් ඔයා අම්මත් එක්ක ආවෙ නැත්තේ.. ඩොක්ටර් අහද්දි මං ආයෙ ම ඩොක්ටර් දිහා බැලුවෙ ඩොක්ටර් අහපු දේ මට පැහැදිලි නැති නිසා..
  
   ඔයාගෙ අම්මා ක්ලිනික් ආවෙත් නැ හරියට.. ඔයාලට මේක සෙල්ලමක් ද..
 
   ඩ්..ඩො..ක්ටර් ම්.මං දැනන් ඉදියෙ නෑ...ම්..

He Is My Painkiller  ( Complete )Where stories live. Discover now