මං පහට විතර ලෑස්ති වෙන්න ගත්තේ හය හය මාර වෙද්දි තේෂූ එයි කියලා හිතුන නිසා... පොඩි මේකප් එකක් දාලා මගෙ ලෙඩ පාට මූණ වහලා තේෂු ත් හොල්මන් වෙන්න ම අද ලස්සනට යන්න ඕනි කියල හිතුනේ ඉශූ ගේ මෝඩ කතාව ටිකක් තදට මගෙ හිතට වැදුණ නිසා.. මං ලෑස්ති වෙලා ඉස්සරහට යනවත් එක්ක ම..
ආව්ස්ස්... සුඩුනෝනෙගෙ ලස්සන... හිත මෙව්වා වුණා..
සිතූ එපා අනේ.... ඔයාත් පාර්ටි එකට එනව ද...මං එන්නෙ නෑ අනේ ඔය බෝරින් පාර්ටි වලට අද අපේ ඔෆිස් එකෙ කට්ටිය ඩිනර් පාර්ටි එකක් තියනවා මං ඒකට යනවා.. ඒක නෙවෙයි අද නම් තේෂු ඔයාට මොන හරි කරත් මං මොකුත් කියන්නෙ නෑ..
අනේ යන්න අනේ....
මාත් එකගයි... සිතූ ...
ඔයා ඇයි මෙහෙ ආවේ... පාර්ටි එකට ගියෙ නෑ... මං ඇහුවෙ දොර ළග ඉදපු ටාෂි ගෙන්...
ඔයාගෙ සුදු මහත්තයා කිව්වා මට එයාගෙ නෝනෙව අරන් එන්න කියලා එයාට වැඩ වගයක් වැටුණ නිසා එද්දි පරක්කු වෙයි කියලා...
එහෙනම් යමු... නෙහ්... සිතූ කිව්වෙ කකා ඉදපු බයිට් පැකට් එක ඩස්බිම් එකට දාන ගමන්...
සිතූ ව රෙස්ටුරන්ස්ට් එකෙන් දාලා අපි දෙන්නා හොටෙල් එකට ගියා... ඉස්සර පාර්ටි එකක් කියන්නෙ මොකද්ද කියලාවත් දැනගෙන ඉදපු නැති මගෙ ජිවිතේ මේ වෙනකොට මං තේෂු එක්ක ගනන් කරන්න බැරි තරම් පාර්ටිස් වලට ගිහින් තියෙනවා...
වෙනදා වගේ ම ලයිට් බල්බ් දාලා ලස්සන කරලා තිබුණ හෝල් එක ඇතුළට අපි දෙන්නා යද්දි ගොඩක් අයගෙ ඇස් අපි දෙන්නා ළග නැවතුණා...
ටාෂි....
මං දිහා නෙවෙයි සුඩුනෝනේ ඔයා දිහා බලන්නේ...
ඒත් ඒක නම් ටිකක් හරි වෙනස් වගේ... මාව දලා එහෙම යන එපා හරි ද...
YOU ARE READING
He Is My Painkiller ( Complete )
Non-Fictionතේෂූ.. මගෙ ආදරේ.. මගෙ අම්මා වගෙ ම මගෙ තාත්තා.. තේෂාන් සචින්ද විජේරත්න ... Wijerathna Industries එකේ බාල පුතා.. තාත්තා කියන විදිහට නොසන්සාලයෙක් , අම්මා කියන විදිහට දගකාරයෙක් අයියා කියන විදිහට හුරතලෙක්.. මගෙ විදිහට බෙහෙතක්.. He is My Painkiller in...