• Summer Rain ~ 01

733 128 43
                                    

මුලු පරිසරයම අඳුරු කරගෙන හදිසියේම කඩන් වැටුන පොද වැස්ස මහා ධාරානිපාත වර්ෂාවක් වෙන්න මහ වෙලාවක් ගියෙ නෑ.....වැස්ස පටන් ගන්න මොහොතකට කලින් කම්පැනි එකෙන් ආපු ජිමින් අපාට්මන්ට් එකට රි‍ංගගත්තෙ පොද වැස්ස අතරෙමයි....

සීතලට ගුලිගැහිලා හොඳ නින්දක් දාන්න ඕන උනත් පුරුදු උනුහුම නැතුව තමන්ට නින්ද යන්නෙ නෑ කියන්න ජිමින් දැනන් හිටියා....ඒ නිසාම ෆෝන් එක අතට ගත්තු ජිමින් , ආමිලා අප්ලෝඩ් කරපු පෝස්ට් , වීඩියෝස් බලන්න ගත්තේ ඩුවට් එක ඇතුලේ ගුලි වෙන ගමන්....සමහර වෙලාවට ඒ කාමරේ පුරා ගිග්ලින් හඬක් පැතිරුනේ ආමිලගෙ පිස්සු වැඩ නිසාමයි.....ඒත් බඩේ පනුවෝ පුංචි උද්ඝෝෂණයක් පටන් ගත්ත නිසා එයාට වැඩි වෙලාවක් එහෙම ඉන්න උනේ නෑ....

 කිචන් එකට ගියපු ජිමින් රාමෙන් පැකට් එකකින් බඩ පුරවගෙන කොෆී එකකුත් හදාගෙනම ආපහු රූම් එකට ඇවිත් ෆෝන් එක් චෙක් කලත් කිසිම මැසේජ් එකක් නොතිබුන එකට ජිමිනිගෙ පුංචි හිතට දුකක් නොගෙනාවා නෙමෙයි...කාමරේ කවුච් එකේ වාඩිඋන ජිමින් කර්ට්න් එක පොඩ්ඩක් එහාට කරල ග්ලාස් වින්ඩෝ එකෙන් අඳුරු උන පරිසරය දිහා බැලුවා....ග්ලාස් එකේ බැඳිලා තිබුන මීදුම අතරින් ලස්සන හාට් එකක් ජිමිනිගෙ පුංචි ඇඟිලි වලින් ඇඳුනෙ එයාටත් නොදැනි.....ඒ අස්සේ එයාගෙ හිත කොහෙදෝ දුර ඈතකට ඇදුනේ ඒ මූනේ හිනාවක් මතු වෙද්දි....

මෙච්චර දුරක් ආපු ගමනේ අතීත මතකයකට එයාව ඇදිලා ගියේ ඒ ජිවිතේ සිද්ද උන ආදරණීයම මොහොතක් ඇස් ඉස්සරහට ගේන ගමන්....

Infires Girl 🖤

• Summer Rain •Where stories live. Discover now