ඒත් එක්කම මහ හයියෙන් විදුලි කෙටුවෙ වැස්සක් අත ලඟ කියන්න වගේ.....ඇඳුම් මාරු කරන් එලියට ආපු ජිමින් වගේම ජිමින් එනකන් බලන් හිටපු ජන්ග්කුක් දෙන්නවම ඒකෙන ගැස්සිලා ගියා...ඒත් ජිමින් එනව දැකපු ජන්ග්කුක් ජිමින්ගෙ පාර හරස් කලේ එක පාරටම උනේ මොකද්ද කියල දැනගන්න...
"හියුන්, එකපාරම මොකෝ උනේ...මං මොකක් හරි වැරදි දෙයක්වත් කිව්වද? "
ජන්ග්කුක් ඇහුවත් ඒක ඇහුන්නෑ වගේ ගියපු ජිමින් එයාගෙ බෑග් එක ලැස්ති කරගෙන දොර ලඟට යද්දිම ආපහු ජන්ග්කුක් මැද්දට පැන්නා..
"එහාට වෙන්න ජන්ග්කුක් !"
මෙච්චර වෙලා කුකී කියල ආදරෙන් කතා කරපු කෙනා එක පාරම එහෙම කියද්දි ජන්ග්කුක් මහ නොතේරෙන වේදනාවක් දැනුනා...
"හියුන් ඇයි මේ...මොකද්ද එක පාරට උනේ...."
"මුකුත් නෑ ජන්ග්කුක්..මට යන්න දෙන්න "
"මුකුත් නැති වෙන්න බෑ හියුන්...ඉන්න මාත් බෑග් එක ගන්න..අපි දෙන්නම යමු එහෙනම්..."
"ඕනි නෑ ජන්ග්කුක්..මට තනියම යන්න පුලුවන්..කරුණාකරල එහාට වෙනවද නැද්ද ...."
ඒ කටහඬේ තිබුනෙ කේන්තියක් ද , එහෙම නැත්නම් වේදනාවක්ද කියල හරියටම කියන්න බැරි උනත් ජිමින් ඉන්නෙ හිත හොඳින් නෙමෙයි කියන්න ජන්ග්කුක්ට තේරුනා...
බැරි වෙලාවත් ඒ මං ගැන කියවපු නිසාද ? ජන්ග්කුක්ගෙ ඇස් පුදුමෙන් ලොකු උනත් ආපහු පුංචි හිනාවක් මූනට ගත්තු එයා ජිමින්ගෙ මූනට එබුනා...
"බැරි වෙලාවත් ඔයාට ඉරිසියා හිතුනද ජිමින්ශී...?" ජන්ග්කුක් හිනාවෙන ගමන් ඇහුවත් ජිමින්ගෙ රතු උන ඇස් දැක්කම ජන්ග්කුක්ට මුකුත් හිතාගන්න බැරිඋනා....
"හි-හියුන් ඇයි මේ? ම-මන් එයාට නම්බර් එක දුන්න හින්නදද? ඒත් එයා ම-මගෙ යාලුවෙක් නෙ...ඉතින් මන් දුන්නට ක-කමක් නෑ නේද්? "
ජන්ග්කුක්ටත් නොදැනිම ඒ කටහඬ බාල වෙලා තිබුනා... එයාට ජිමින්ගෙ ඇස්වල හැංගුන එයා මෙච්චර කල් හොයපු දේ දකිද්දී හැම ශක්තියක්ම නැතිවෙලා වගෙයි දැනුනෙ...
" දැන් ද ඔයාට ඒක අහන්න මතක් උනේ ජන්ග්කුක්?"
කවදාවත් නැතුව ජිමින්ගෙ කටහඬ හැඟීම් නැති මහ නපුරු ස්වරයක් ගත්තා...
"නම්බර් එක දෙන්න කිව්වටත් පස්සෙද ඒක අහන්න මතක් උනේ ජියෝන්? හහ්...මොකටද ඒක මගෙන් අහන්නෙ...ඔව්...මොකටද මගෙන් අහන්නෙ...මන් කවුද...හහ්..මන් ඔයාගෙ කවුරුත් නෙමෙයිනෙ...ඉතින් ඕන දෙයක් කරගන්නවා..."
ජිමින්ගෙ නපුරු පාට මූණ ඉස්සරහ ජන්ග්කුක්ට දැනුනෙ ඒ බැල්ම එයාව බිඳලා දානවා වගේ...කොච්චර කේන්තියෙන් කෑගැහුවත් ඒ ඇස්වල, කටහඬේ තිබුනු වේදනාව ජන්ග්කුක්ට අඳුරගන්න අමාරු උනේ නෑ...
"හි-හියුන් ....." ජන්ග්කුක් අන්තිමට කතා කරා...
"ඔයාට ඕන දෙයක් ඕන විදිහකට කරගන්නවා ජන්ග්කුක්...මට කතා කරන්න එන්නෙපා..."
එහෙම කියපු ජිමින් දොරත් දඩං ගාලා වහගෙන යන්න ගියේ ජන්ග්කුක් එතනම බිත්තිය දිගේ රූටල ගිහින් බිම වාඩි වෙද්දි...එයාගෙ ඇස්වලින් කඳුලු බිංදු පේලි ගනන් ගලාගෙන ගිහින් බිම තෙමද්දි ජන්ග්කුක් ඔහේ බලාගත්ත අත බලන් හිටියා....
Infires Girl 🖤