• Summer Rain ~ 03

435 119 60
                                    

" ආහ්...ඔයා එහෙනම් දැන් ප්‍රැක්ටිස් කරන්නකො ජිමින්ශී..."

ජන්ග්කුක් එහෙම කියන ගමන් ෆෝන් එකත් අරන් පැත්තකින් වාඩි වෙද්දි ජිමින් ආපහු ට්‍රැක් එක දැම්මත් එතන ඉන්නෙ එයයි ජන්ග්කුක් විතරයි නිසාමද මන්දා ජිමින්ට තේරුනා එයාගෙ අවදානය තියාගෙන ඩාන්ස් කරන්න අමාරුයි කියල...හොඳ හුස්මක් ගත්ත ජිමින් ඩාන්ස් කරන්න පටන් ගත්තේ වාඩි වෙලා හිටපු ජන්ග්කුක් ඇස් පිය නොහෙලා ඒ දිහා බලන් ඉද්දි...

ඇත්තටම ජිමින් කියන්නෙ ඩාන්සින් වලටම ඉපදුන කෙනෙක් කියල හොබී හියුන් කියන්නෙ ඇයි කියල ජන්ග්කුක්ට හොඳටම තේරුනා....හරිම නම්‍යශීලීව, රිදම් එකට ඇඟ හසුරවන ජිමින් කියන්නෙ දෙවියන්ගෙ අපූරූ නිර්මාණයක්....

ටිකක් වෙලා ප්‍රැක්ටිස් කරපු ජිමින් වතුර බෝතලයක් ගන්න ගමන් පැත්තකින් වාඩි වෙද්දි ජන්ග්කුක් නැගිටල ගිහින් ටවල් එකක් අරන් ඇවිත් ජිමින්ට දුන්නා...

" තෑන්ක්ස් කුක්...."

ජිමින් එහෙම කියන හිනාඋනේ ඒ හිනාව දැකල ජන්ග්කුක්ගෙ මූනෙත් හිනාවක් ඇඳෙද්දී...

"ආහ්...ඒක නෙමේ හියුන්, ඔයාට මතකද අර අපේ කොලේජ් එකේ හිටියෙ ගර්ල් කෙනෙක්...අර මන් කිව්වෙ අපේ ග්‍රේස් ෆර්ස්ට් උනා කියල..."

ජන්ග්කුක් කියද්දිම ජිමින් එක පාරටම ඔලුව උස්සල බැලුවෙ ජන්ග්කුක් කවදාවත් නැතුව මේ වගේ කතාවක් පටන් ගත්තේ ඇයි කියල හිතන ගමන්...

"ඔයාට මතකද හියුන්? "

ජන්ග්කුක් ආපහු ඇහුවෙ ජිමින්ගෙන් උත්තරයක් නැති තැනයි...ඔව්...ජිමින්ට මතක තිබුනා ඔය කියන ගෑනු ලමයා ගැන...මොකද ඒ ගෑනු ලමයත් බූසාන්වල කෙනෙක් කියල ජන්ග්කුක් බෑන්ඩ් එකේ අයට කිව්වෙ ඒ ග්‍රේඩ් ෆර්ස්ට් ගත්ත දවස් වලමයි...

" හ්ම්...ඉතින්..." ජිමින් උත්තර දුන්නෙ හිතේ ඇති උන පොඩි ඉරිසාවකුත් එක්ක...මොකද කවදාවත් නැතුව ජන්ග්කුක් කෙල්ලෙක් ගැන කියවන්නෙ ?

" එයාගෙ නම එයුන්සෝ නෙ හියුන්...මතකද? මන් කිව්වෙ එයත් මොකද්ද කම්පැනි එකක ඔඩිෂන් ගියා කියල...එයාව සිලෙක්ට් වෙලාලු...ලබන මාසෙ ඩෙබියුට් කරනවලු... කොහොමත් එයා ඩාන්සින් , සින්ගින් දෙකටම හරිම දක්ෂයිනෙ...මට මතකයි ඒ දවස්වලත් කොලේජ් එකේ හැම පර්ෆෝමන්ස් එකකට වගේම එයා හිටියනෙ...අනික එයා ලස්සන නිසා එයාව අනිවාර්යයෙන්ම සිලෙක්ට් වෙන්නැති...

මගෙ යාලුවා ජීහුන් ඉන්නෙ එයා එයා මට ටෙක්ස්ට් කලා..එතකොට කිව්වෙ...අද එයාට එයුන්සොව හම්බුනාලු...මාවත් අහල...මගෙ නම්බර් එකත් ඉල්ලුවා කිව්වා..මගෙන් අහ්න්නැතුව දෙන්න බැරි නිසා දීලා නෑ...මන් ඉතින් කිව්වා කමක් නෑ..මගෙ නම්බර් එක දෙන්න කියල...අවුලක් නෑනෙ ඒක..නේද හියුන් ..... ? "

මෙච්චර වෙලා වචනයක් වත් නොකියා අහන් හිටපු ජිමින්ට ඒ වෙලාවෙ කවදාවත් නැති තරම් කේන්තියක් දැනුනෙ...'මෙච්චර වෙලා ඒ කෙල්ල ගැන කියෙව්ව මදිවට ෆෝන් නම්බර් එකත් දීලා...' කේන්තියට එහෙම්මම වතුර බෝතලෙයි ටවල් එකයි අරන් නැගිට්ට ජිමින් ඒ දෙකත් එතන තිබුන මේසයක් උඩට වීසී කරද්දි තමා මෙච්චර වෙලා ෆෝන් එකත් බලන ගමන් කියව කියව හිටපු ජන්ග්කුක් ගැස්සිලා ඒ පැත්ත බැලුවෙ..

"හියුන් ඔයා යන්නද හදන්නෙ...ප්‍රැක්ටිස් කරල ඉවරද?"

ජන්ග්කුක් අහද්දි වචනයක්වත් නොකියා ජිමින් ඇඳුම් මාරු කරගන්න ගියේ උනේ මොකද්ද කියල හිතාගන්න බැරුව ඉද්දි...





Infires Girl 🖤



• Summer Rain •Where stories live. Discover now