ගතවෙන විනාඩියක් විනාඩියක් ගානේ ජිමින්ගෙ හිටියෙ හරිම නොඉවසිල්ලෙන්....කාලෙ ගතවෙන්නෙ වෙනදට වඩා හිමින්ද කියල ජිමින්ට හිතාගන්න බැරි උනා...එයාට තමන් ගැනම කේන්ති කියා...බොරුවට මෝඩයෙක් වගේ කේන්ති ගත්ත එක ගැන...අනික ජන්ග්කුක් අහිංසකයි...ජිමින්ගෙ හැඟීම් ගැන කිසිදෙයක් නොදන්න අහිංසකයට නේද බොරුවට කෑ ගැහුවෙ කියල හිතද්දිත් එයාට දැනුනෙ මහ වේදනාවක්...
ඒ අතරෙ එක පාරටම එයාගෙ මූනට වාහනේක ලයිට් එලියක් වැටෙද්දි ජිමින් ඉක්මනට ඒ පැත්ත බැලුවා....
එයා දැක්කෙ මහ වැස්සෙ තෙමී තෙමීම නවත්තල තිබුන ටැක්සි එකෙන් බැහැල තමන් දිහාවට ඇවිදන් එන ජන්ග්කුක්ව...එයා පුංචි බබෙක් වගේ අත් දෙකෙන්ම ඇස් පිහදදා අඬ අඬ තමන් දිහාවට ඇවිදන් එනවා දකිද්දි ජිමින්ට දැනුනෙ හදවත නතර වෙනව වගේ....
"ජන්ග්කුකාහ් "
කුඩෙත් එතනම දාලා ඉස්සරහට දුවගෙන ගිය ජිමින් ජන්ග්කුක්ව බදාගත්තේ ජන්ග්කුක් තවත් තදින් ජිමින්ව බදාගනිද්දී...."ජිමින්ශී...."
ජන්ග්කුක් තාමත් ඉකි ගහනවා....තෙමිච්ච කුකුලු පැටව් දෙන්නෙක් වගේ ටැක්සි එකේ එන්න බැරි කමට පයින්ම ඩෝම් එකට ඇවිදන් එන ගමනුයි හිටියෙ...ජිමින්ට පොඩියට හිනාවක් ගියා...කොච්චර කිව්වත් ජිමින්ශී කියන එක නතර කරගන්නැති මේ බනී කොල්ලට ආදරේ නොහිතෙන්නෙ කාටද දෙවියනේ.....
"දැන් ඇති ජන්ග්කුකා....ඔහොම අඬ අඬ ගියොත් ජින් හියුන් අපි දෙන්නව මහ වැස්සෙම හිටවල තියල nis එකෙන් වගේ ප්රශ්න කරන්න පටන් ගනී..."
"ඒත්...ඒත්..මට සමා-"
"ඇති ජන්ග්කුක්... ඔයා තව එක පාරක් හරි සමාව ඉල්ලුවොත් මන් ඔයාව මෙතන දාලා යනවා යන්න..." ජිමින් කිව්වෙ මේ සමාව ඉල්ලිල්ල නවත්තගන්න බැරිම තැනයි..
"හූම්..." නහයත් උඩට අදින ගමන් ජන්ග්කුක් කිව්වෙ හුරතලයෙක් වගේ මූණත් හදාගෙන්...පාරේ ලයිට්වල එලියෙන් ඒක දැක්ක ජිමින්ගෙ මූනෙ හරිම ලස්සන , ආදරණීය හිනාවක් ඇදෙන විදිහ ජන්ග්කුක් හොරෙන් බලාගෙන හිටියෙ කපටි හා පැංචෙක් වගේ.....
Infires Girl 🖤