Back to present ;
ජිමින් හිටියෙ ඒ අතීත මතකයන් අස්සෙ කොච්චර ගැඹුරට ගිලීලා හිටියද කිව්වොත් එයාට ඕනි උනු ඒ උනුහුමේ අයිතිකාරයා දැන් ටික වෙලාවක ඉඳන් එයාගෙ ඉස්සරහට වෙලා එයා දිහා බලන් ඉන්නවා කියන්නවත් දැනන් හිටියෙ නෑ...
තනියම හිනාවෙන ගමන් ජිමින් කල්පනා කරන්නෙ මොකක් ගැන උනත් එතන ජිමින් වගේම තමනුත් ඉන්නවා කියන්න උනුහුමේ අයිතිකාරය දැනන් හිටියා....තමන් ඉස්සරහ වෙන ලෝකෙක ඉන්න මේ ඒන්ජල් තමන්ගෙ කියල මතක් වෙද්දි දැනෙන ඒ හැඟීමට ඒන්ජල්ගෙ අයිතිකාරයා පුදුම තරම් ආදරේ කලා... කවද කොහොම බැඳුනද කියන්න නොදන්නවා උනත් එයාලා දෙන්නට එයාල දෙන්නගෙන් තොර ලෝකයක් නෑ කියන්න හැමෝම දැනන් හිටියා...
"ඔහ්...ජන්ග්කුකී...."
හදිසියේම මතක අස්සෙන් මේ ලෝකෙට එබුන ජිමින් දැක්කෙ එයා දිහා හැමදාම වගේ පුදුම තරම් ආදරේකින් බලන් ඉන්න ජන්ග්කුක්ව.....
"ඔයා දැන් ගොඩක් වෙලාද ඇවිත්....අනේ මන් දැක්කෙ නෑ කුකී.."
ජිමින් මූන ඇඹුල් කරන් කියද්දි ජන්ග්කුක් හිනාවෙන ගමන් එයාව තමන්ගෙ තුරුලට ඇදලා ගත්තා...
"ඇවිල්ල නම් චුට්ට වෙලාවක් තමා..ඒකට කමක් නෑ....ඒත් මෙච්චර වෙලා ඔයා හිටියෙ මොන ලෝකෙද ජිමිනි..." ජන්ග්කුක් අහද්දි සනීපෙට ඒ පපුවට තුරුල් වුන ජිමින් චූටි බට්ටිච්චෙක් වගේ හිනා උනා....
"නෑ කුකී...මට මතක් උනේ ඔයා මුලින්ම මට ආදරෙයි කිව්ව දවස..."
" ඒ මොකෝ හදිසියේම ජිමින් ? "
"නැහැ ඉතින්...බලන්නකො එදත් අද වගේම සමර් එකේ දවසක්....අද වගේම එදත් හදිසියේමයි වැස්සක් කඩාවැටුනෙ...එදත් අන්තිමට අපි දෙන්නා මේ වගේ තුරුල් වෙලා හිටියා....හැමදේකටම පස්සෙ අපි දෙන්නා අදත් එකට" ජිමින් කියද්දි ජන්ග්කුක්ගෙ ඒ කෙස් උඩින් ආදරේ පිරුනු කිස් එකක් තිබ්බා...
"ඒකනෙ මන් එදා කිව්වෙ...කවුරු මොනා කිව්වත් අපිට අපි ආදරේ නම් එච්චරයි කියල...."
"ඒක ඇත්ත කුකී.... ඒත් බලන්නකො අපේ ආමිලා...අදටත් කිසිම අඩුවක් නැතුව අපිට ආදරේ කරන තරම්....හැමෝම නැතත් අපිට සපෝට් කරන අය කොච්චර ඉන්නවද....."
"හ්ම්...ඒක ඇත්ත...එයාලගෙ ආදරේ නිසා තමයි අද අපි මෙතන ඉන්නෙ"
"දන්නවද කුකී...ඔයත් හරියට වසන්ත ඉර්තුවෙ වැස්ස වගේ...."
"ඒ ඇයි හියුන් ? "
"මේකනෙ කුකී...වසන්ත ඉර්තුවෙ වැස්සෙන් කියවෙන්නෙ හදිසියේම අපේ ජීවිතේට එන අපි බලාපොරොත්තු උන ආදරේ ගැන...ඔයත් ඒ වගේ....අහම්බෙන් වගේ හම්බුන ,හදිසියේම මගේ ජීවිතේට ලැබුන මං ප්‍රාර්ථනා කරපු ආදරේ.....මාව ආදරෙන්, සතුටින් පුරවන මගේ summer rain ඔයා කුකී.....
"හ්ම්....මගේ ජීවිතෙත් summer rain එක ඔයයි ජිමිනි"
"සරංහේ ජන්ග්කුකී "
"නාදෝ සරංහේ මයි ඒන්ජල්"
~ END ~
Infires Girl 🖤