Flashback ; 10 years ago
හැමෝම හිටියේ ප්රැක්ටිස් ඉවර වෙලා ගෙදර යන්න ලෑස්ති වෙන ගමන්...
"ඕ...ජිමිනී...ඔයා එන්නෙ නැද්ද ?"
නම්ජුන් ඇහුවෙ තාමත් දාඩිය දාගෙන ප්රැක්ටිස් කරපු ඇඳුම් පිටින්ම ඉන්න ජිමින්ගෙන්..
"ආහ්...නෑ හියුන්..හියුන්ලා යන්න...මන් තව ටිකක් ප්රැක්ටිස් කරලම එන්නම්...මට ගිය සතියෙ සනීප නැති උන නිසා ඒ ස්ටෙප්ස් ටික මට ටික ප්රැක්ටිස් මදි..."
ජිමින් කිව්වෙ නලල දෙපැත්තෙන් වැක්කෙරෙන දාඩිය අතින් පිහදාන ගමන්...
"ඒත් රෑ වෙනකන් ඉන්න එපා ජිමිනී..අද නිකන් වහින්නත් වගේ...තෙමුනොත් ආපහු අසනීප වෙයි...ඒ නිසා තව චුට්ට වෙලාවක් ඉඳල ඉක්මනට එන්න..."
එතනට ආපු ජින් කිව්වෙ ඕනවටත් වඩා මහන්සි වෙන එයාගෙ මේ චූටි මල්ලි ආපහු අසනීප වෙනවා දකින්න ඕන නැති නිසා....
"අයියෝ ජිමින්...ඔයා යන්නැද්ද අනේ...කලින් කිව්ව නම් මාත් ඉන්නවනෙ...එක්කො..- "
සෝල්මේට් කොටි පැටියා කියාගෙන එද්දිම
"එපා ටේ ටේ...ඔයාටත් මහන්සියි නෙ...මන් ඉක්මනට එන්නම් හොඳේ...ඔයා ගිහින් රෙස්ට් කරන්නකො " ජිමින් එයාගෙ ඇස් හීනී වෙන හුරත් හිනාව දාලා කිව්වෙ ඇත්තටම එයාගෙ මේ සහෝදරයො හයදෙනා කොච්චර මහන්සි වෙනවද කියල දන්න නිසයි....
"හරි එහෙනම් අපි යනවා ජිමිනී"
කට්ටියම ගියාට පස්සෙ ආපහු ට්රැක් එක දාගත්තු ජිමින් තනියම ප්රැක්ටිස් වෙන්න ගත්තෙ කොහොම හරි ඒ ස්ටෙප්ස් ටික හරියට කරගන්නවා කියල හිතාගෙන...ඒත් එක පාරටම ස්ටුඩියෝ එකෙ දොර ඇරුනෙ ජිමින්ගෙ අවදානය ඒ පැත්තට යොමු වෙද්දි...
ඇස් දෙකත් බෝල කරන් හොර හා පැංචෙක් වගේ දොර ලඟ බලන් හිටියෙ වෙන කවුරුත් නෙමෙයි කණ්ඩායමේ බාලයා ජන්ග්කුක්...
" කුකී ඔයා ගියෙ නැද්ද? "
ට්රැක් එක ඕෆ් කරන ගමන් ජිමින් ඇහුවෙ ජන්ග්කුක් හිමීට දොර වහන් ඇතුලට එද්දි..
"නෑ හියුන්....හියුන් තනියම නෙ....මාත් ඒ හින්දා හිටියා..."
"ඒත් කුකී- "
" හරි හරි හියුන්...අනේ ඔයා මාත් එක්ක තරහ නෑ නේද ? " එකපාරම ජිමින් ලඟට ආපු ජන්ග්කුක් ජිමින්ගෙ අත් දෙක එක එයාගෙ අත් දෙකෙන්ම අල්ල ගෙන අහද්දි ජිමින්ව ගැස්සිලා ගියා..
"ඒ...ඒ මොක-ටද කුකී" ජිමින් ඇහුවෙ තමන්ගෙ අත්දෙක ගලව ගෙන ජන්ග්කුක්ගෙන් ඈත් වෙන ගමන්....
"ඇයි අනේ ඊයෙ අර මල් වාස් එක බිඳපු එකට ඔයාව අහුකලාට..."
එතකොට ජිමින්ට මතක් උනේ ඊට කලින් දවසෙ රෑ වෙච්ච දේවල්...කලින් දවසෙ රෑ ටේත් එක්ක ඩම්ප්ලින්ග් වගේකට රණ්ඩු කර කර දුවද්දි ජන්ග්කුක් එනවා නොදැකපු ජිමින් ගිහින් එයාගෙ හැප්පුන පාර නැවතුනෙ ජන්ග්කුක්වත් පෙරලගෙන වැටිලයි...ඒ වැටෙද්දි ජන්ග්කුක්ගෙ අත වැදුන මල් වාස් එක සීසීකඩ කැඩිලා වීසි උනා...ඒකට ජන්ග්කුක් ජිමින්ව අහුකරාම ජින්ගෙන් පොඩි බැනුමක් අහපු එක ගැනයි මේ කියල තියෙන්නෙ...
ඒත් ඒක ජිමින්ට ඊට වඩා අපහසු උනා...මොකද දෙන්න බිම වැටෙද්දි ජන්ග්කුක්ගෙ තොල් ජිමිනීගෙ මූනෙ ගෑවි නොගෑවි ගියේ...ජන්ග්කුක්ට ඒක ගානක් නැති උනාට දැක්ක දවසෙ ඉඳන්ම කුකීට ආදරේ කරන ජිමින්ට ඒකෙන් අපහසුවක් උනා...
"ම-මන් ත-රහ න්- නෑ.." ඒ සිද්දිය මතක් වෙලා තමන්ගෙ මූන රතු වෙන එක නවත්තගන්න උත්සහ කරන ගමන් ජිමින් යන්තම් වචන ගලප ගත්තා...
"ඔයා හියුන්ගෙන් බැනුම් අහල කාමරේට ගියත් හරි ආපහු ආවෙත් නෑ...මේ වෙනකන් මගෙ මූණවත් බැලුවෙ නෑ ජිමින්ස්ශී...මං හිතුවෙ ඔයා මාත් එක්ක තරහ ඇති කියල..."
කුකී එයාගෙ බනී හිනාවත් දාන් කියද්දි ජිමින් උත්සහ කලේ එයාගෙ හැඟීම් හංගගන්න...ඒත් , කොයිවෙලාවෙත් තමන් ගාව දැවටි දැවටි හුරතල් වෙන ජන්ග්කුක් එක්ක ඒක ජිමින්ට ගොඩක් අමාරු දෙයක් උනා.....
Infires Girl 🖤