අන්තිමට කොහොම හරි මහ වැස්සෙ නාගෙනම ඩෝම් එකට ආපු දෙන්නා ජින්ගෙන් හොඳ බැනුමකුත් අහගෙනම රූම්ස් වලට රිංගුවෙ හොඳ වොෂ් එකක් දාගන්න හිතාගෙන...
වොෂ් එකක් දාගෙන කොම්ෆි පිජාමා එකකට බැස්ස ජිමින් ඩිනර් එකට පහලට ගියත් ජන්ග්කුක් ඒ වෙද්දිත් ඇවිත් හිටියෙ නෑ...
"කෝ ජිමින් කුකී?"
"අනේ මන්දා හියුන්..තාම වොෂ් කරනවද දන්නෑ..."
"ඒ පාර බාත් රූම් එකේ පැලවෙලා උණ හදාගන්න හදනවද මන්දා හොඳටම තෙමිලා මදිවට...මේ කොල්ලා කියන දෙයක් වොන් තඹ සතේකට ගනන් ගන්නැති හැටි " ජින් කිව්වෙ ඩ්රැමටික් මෝඩ් එක ඇක්ටිවේට් කරගන්න ගමන්...
"ඉන්න හියුන් , මන් බලලා එන්නම්...සමහර විට බැනුම් අහපු එකට අවුල් ඇති..." එහෙම කියන ගමන් ජිමින් ආපහු රූම්ස් පැත්තට යද්දි එයාට ඇහුනෙ ඩයිනින් ටේබ්ල් එකේ කිම්චි හැලුවට ටේ බැනුම් අහන හැටි...
"කුකී ...."
කාමරේට එබෙන ගමන් ජිමින් කතා කරත් එයාට ඇහුනෙ බාත් රූම් එකේ වතුර වැටෙන සද්දෙ...'ජින් හියුන් කියන කතාව...මහ රෑ නාලා ඊලඟට අසනීප වෙන්නද මන්දා හදන්නෙ...' එයාටම මුමුණ ගත්තු ජිමින් ඇඳෙන් වාඩි වෙලා කාමරේ වට පිට බැලුව...එතකොටම එයා දැක්කෙ කොට කලිසමකට ටීෂර්ට් එකක් ඇඳන් එන ජන්ග්කුක්ව....ඒත් එයාගෙ තෙත කොණ්ඩෙ දැක්කම ජිමින්ට ජින්ගෙ හැල්මොනීව ආවේස උනේ හරිම ඉක්මනට...
"යාහ්...ජන්ග්කුකා....බලනව කොණ්ඩෙ පිහදාලත් නෑ තාම....බාත්රූම් එකේ පැලවුනාද ? "
ජිමින් කෑගහද්දි බනී හිනාවක් දාපු ජන්ග්කුක් ඉක්මනට ගිහින් හෙයාර් ඩ්රයර් එක අරන් ඇවිත් ප්ලග් කරල ඒක ජිමින් අතට දීලා ඇඳ ගාව බිමින් වාඩි උනා...."යාහ්...ඔයා නම් මල වදයක් කුකී...." මූණ ඇඹුල් කරගත්ත ජිමින් ඒ කළු කෙස් අතරෙ එයාගෙ පුංචි ඇඟිලි යවන ගමන් කොන්ඩෙ වේලන්න පටන් ගත්තා...
ඒ අතරේ ජන්ග්කුක් බලාගෙන හිටියෙ ඇඳ ඉස්සරහ තිබුන මිරර් එකෙන් පේන ජිමින්ගෙ මූන දිහා...ඒ මූන හරිම ආදරණීය හිනාවකින් හැඩවෙලා....එයා හිටියෙ මේ ලෝකේ නෙවෙයි කියන්න ජන්ග්කුක්ට හොඳටම තේරුනා...
"ජිමින්ශී...."
ජිමින්ගෙ අත්දෙකෙන් අල්ලලා හෙයා ඩ්රයර් එක පැත්තකින් තිබ්බ ජන්ග්කුක් ජිමින්ට එහා පැත්තෙන් ජිමින්ගෙ මූණ දිහා බලාගෙන වාඩි උනා....
ජන්ග්කුක්ගෙ තියුනු ඇස් ඒ විදියට තමන් දිහා බලද්දි ජිමින්ට තේරුනා තමන්ගෙ ඇඟ පුරා විහිදෙන අමුතු ඒත් ආස හිතෙන විදිහෙ උනුහුමක්...ඒ වගේම දැනටත් තමන්ගෙ කම්මුල් රතු වෙලා ඇති කියන්න ජිමින් දැනන් හිටියා...
Infires Girl 🖤