chapter 14.

114 16 6
                                        

කුකී එයාව ගනන් ගත්තෙ නැති නිසා ජිමින්ට ටිකක් දුක හිතුනත් එයා ආපහු හිනා වෙලා එතනින් ගියා.

අපි ඉක්මනින් ආයි හම්බවෙයි කුකී.

තමාටම මුමුනගත්ත ජිමින් ගෙදර යන්න පිටත් උනා.

කාටවත් නොදැනී පැය දින සති ගෙවී ගියා.විවාහයෙන් පසු ජූන් සහ ජින් වෙනම නිවසකට පදින්චි වීමට ගියා.ජූන් තමන්ගෙ ආදරනීය හස්බන් සමග කාලය ගත කරා.

කුකී එයාගෙ ඩක්ව බලන්න හැම දාම ගියා. එයා ඩක්ට ගොඩක් ආදරෙ කලා.ඒ ඇදුම අස්සෙ කවුරු හිටියත් කුකීට ප්‍රශ්නයක් උනේ නෑ.එයා එයාගෙ හියුන්ට සමානව ඩක්ට සැලකකුව.ඩක් කියන්නෙ ඇත්තටම කවද කියල දැනගන්න කුකීට ඕන උනේ නෑ.එයා ඒ තරම් ඩක්ට ආදරේ කලා.ඩකුත් කුකීට ගොඩක් ආදරෙ කලා.හැමදාම කුකී එයාව බලන්න එනකම් එයා මග බලන් හිටියා.මේ දවස් ටිකේ එයා ටිකක් දුකින් ඉන්නෙ කියල කුකීට තේරිල එයා ඩක් ගෙන් ඇහුවත් ඩක් කිසිම දෙයක් කිව්වෙ නැති නිසා කුකී ඒ ගැන අහන එක නැවැත්තුවා.

මේ අතර ජිමින් හැමදාම දවල්ට කුකීගෙ ගෙදර එන්න පටන්ගත්තා.එයාගෙ හිතෙත් කුකී ගැන ආදරයක් ඇති වෙලා තිබ්බා.එයාට ඕන උනේ කුකීට ලන් වෙන්න උනත් කුකී හැමතිස්සෙම ජිමින්ව මග ඇරියා.ජිමින්ට දුක හිතුනත් එයා එයාගෙ හැගීම් හන්ගන් කුකී ගාව හිටියා.

එතකොට සුගා නම් පුරුදු විදියටම හොබීට වද දෙන්න ලෝකෙ නැති ලෙඩ කියාගෙන සීරො හොස්පිට්ල් එකට ගියා.හොබිත් හැම වැඩක්ම පැත්තකින් දාලා සුගාව බලන්න යනවා.මුලදි සුගාව හොස්පිට්ල් එකෙන් පැන්නුවත් දැන්නම් හොබී සුගාව ගොඩක් වෙලා හොස්පිට්ල් එකේ තියා ගන්නවා. එක්කෙනට එක්කෙනා නොකිය හිටියත් සුගා සහ හොබී දෙන්නම දැන් ආදරයෙන් බැදිලා.

එතකොට ටේ දකින හැම කෙල්ලෙක්ටම පැනි හලනවා. ටේටත් ගෑනු ලමයෙක් හම්බුනත් එයා ඉන්න තැන ටේගෙ ස්කෝලෙ හිටපු ගෑනු ලමයෙක් ගැන හොදකියන්න ගිහින් එයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් ගෙන් හොදටම ගුටි කෑව.අන්තිමට ජින් මැදිහත් වෙලා ප්‍රශ්නෙ විසදුවා. ටේගෙ girl friend ජින්ටත් බැනල ටේ ටත් බැනල ටේත් එක්කත් break up වෙලා තමා අන්තිමට ජින් අති සාර්තක විදියට මේ ප්‍රශ්නෙ විසදුවේ.

හැමෝම වගෙ මේ සතියෙ සුගාගෙ ගෙදරට ආවෙ සති ගානකින් හැමෝටම එකතු වෙන්න බැරි වෙච්ච නිසා.

කුකී,ටේ,ජිමින් ,සුගා ,හොබී සුගාගෙ ගෙදර ඉදන් කතා කර කර ඉන්නකොට එතනට ආවෙ අපේ අලුත් ජෝඩුව ජින් සහ ජූන්.

Jin- ඔන්න කට්ටිය අපිත් ආවා.

Sg - ආශ් නිදාගන්නවත් දෙන්නෙනෑ.හිතුන ටකරන් වොයිස් එක ඇහෙද්දිම ඔයා තම කියලා.

Jin- යා යා එන්න එපා මගෙ කට හඩට එව්ව මෙව්ව කියාගෙන.

ඒත් එක්කම කෝල් එකක හිටපු ජිමින් තරහෙන් කෑගහන්න ගත්තා

Jm- ආශ් මේ මෝඩ මනුස්සයා නිසා අපිට අපේ ශෙයාස් වලින් හතරෙන් එකක්ම නැති වෙලා.

ජිමින් කේන්තියෙන් කෑ ගහුවා.

Sg - කව්ද මම.

Jm- නෑ තමුසෙගෙ හැල්මොනි.

Sg - කට වහන්ව කොටා .නැත්නම් මම තමුසෙව අස් කරන්ව දැන ගන්නවා.ජන්ගකුක් දැනගන්නවට කැමතිද තමුසෙ..........

සුගාට වාක්‍ය ඉවර කරගන්න බැරි උනේ ජිමින් ඇවිත් සුගාගෙ කට වහපු නිසා .

Jm- හරි හරි.තමුන් බොරු ලෙඩ දාගෙන ඔෆිස් එකෙන් ගියේ නැත්නම් මේ මුකුත් වෙන්නෙ නෑනෙ.හහ්.

Sg - ඒව බොරු ලෙඩ නෙමේ.

Jm- ඔව් ඔව් එදා කකුල් අමාරුව කියල හොස්පිට්ල් එකට ගිහින් ආපහු අවෙ අත අල්ලන් අතේ අමාරුවක් කියගෙ.

Sg - ආ ඒක මේ.... දැන් ත්මුසෙ මෙහෙම කාලෙ කාල හරියනවද කම්පැනි එකේ මෙච්චර දෙයක් වෙලා තියෙද්දි ආආආ.එන්න ඉකමනට යන්.

එයාගෙ බොරුව අහුවුනා කියල තේරුන සුගා කතාව මරු කරල ජිමින්ටත් රවල එයා එක්ක් ගියේ හොබී ඉස්සරහ නෝන්ඩි වෙන්න බැරි නිසා.

ඒදෙන්න ගියාට පස්සෙ කුකී කතා කරන්න ගත්තා.

Jk- ජින් හියුන් මගේ හියුන්ගෙ උප්න්දිනෙ ඊලග සතියෙ නේද.

Jin- ඔව් කුකී.

Jk- හියුන්ල මාව පුදුම කලා වගෙ අපි මගෙ හියුන්වත් පුදුම කරමුද.අපි සප්‍රයිස් පාටියක් දෙමු.මම තමා මගේ හියුන්ගෙ birthday patty එක

Jh- මාත් කැමති

හොබී සහ කුකී එහෙම කිව්වට ඒ අදහසට අනිත් අය වැඩි කැමත්තක් නැති බව ඒ දෙන්නට ඒගොල්ලොන්ගෙ මූන දැක්ක ගමන් තේරුනා.

.............................................................................................................................15 chapter එකෙන් හම්බවෙමු .

Saranhe 🖤❤️🖤❤️

කතාවගැන මොනා හරි කියන් යන්න.
Bye .

My Little Brother Where stories live. Discover now