8.🍁දිනය තීන්දුයි 🍁

747 179 167
                                    

යීබෝ ගේ ඇස් ඉදිරියෙන් ගමන් කරන ශාන් පස්සෙම ගමන් කරා.

'එයා උසයි...ගොඩක්....ඇත්තටම ගොඩක් කඩවසම්....හැමවෙලාවෙම කේන්ති අරන් කෑ ගැහුවට ඇත්තටම ආදරණියයි....ඒ මම නොවුණත් දවසක එයාව තමන්ගෙම කරගන්න කෙනා හුගාක් වාසනාවන්තයි....ඇත්ත ඒ මම වෙන එකක් නෑ....මමා පපාවත් ළඟින් තියා ගන්න බැරි උණ මට,හැමෝගෙම අත්වල එහා මෙහා උණු සෙල්ලම් බඩුවක් උණු මට ,හැමෝටම කොලේක ලියලා දුන්නු වත්කමක් වගේ උණු මට....ඔයාව අයිති කරගන්න කොහොමටවත් වාසනාවක් නැතිව ඇති ගගා.... ඒත් ඒත් මට හිත හදාගන්න බෑ දෙවියනේ...ඉක්මනින්ම ඔයාගෙන් වෙන් වෙන්න ඕනා කියලා දැනෙද්දී....මතක් වෙද්දී.... මට පිස්සු හැදෙනවා ගගා....'

කලින් දවසේ රෑ ශාන් නිදාගන්න අනෙක් නිවසට ගියත් උදෑසන යීබෝ අවදිවන විට ශාන් හිටියේ කලින් දවසේ වගේම යීබෝව තුරුලු කරං. එළිය වැටෙන්නත් කලින් අහම්බෙන් ඇහැරුන යීබෝ හිතට වරදකාරී හැඟීමක් දැනුණත් තමන්ව පිටු පසින් වැළඳගෙන ඉන්න ශාන් ළඟ දැනෙන උණුසුම ආශාවෙන් වගේම අමාරුවෙන් පැය කිහිපයක්ම විඳ දරා ගත්තා.

පරක්කු වෙලා නින්දට ගිය ශාන් පරක්කු වෙලාම ඇහැරෙද්දී යීබෝ තවමත් නිදි බව සිතූ ඔහු හෙමින් සැරේම එතනින් පිටවෙන්න හැදුවත් යීබෝ හිටි ඉරියව්වෙන්ම තමන්ගෙ හිස යටිනුත් ඇග උඩිනුත් තිබුණු ශාන්ගේ දෑතින් අල්ලන් ආයීමත් තමන් වෙතට ඇද ගත්තා.

"කොහෙද යන්නේ..."

"මං මේ..."

"රෑ එළිවෙනකං තුරුළු කරන් ඉඳලා එළිය වැටෙද්දී හොරෙන්ම යන්න හදන්නෙ ඇයි ගගා....මං ටිකක් සතුටු වෙයි කියලා බයයි ද..."

"යීබෝ මං මේ...."

"කියන්නකෝ මං දන්නවා....ඔයාට කියන්න දෙයක් තියෙනවා...."

යීබෝ කියෙව්වෙ ශාන් ගේ අත් දෙක තව ටිකක් පපුවට තුරුළු කරගන්න ගමන්...

"තමන්...තමුන් මුළු රෑම හීනෙන් බයවෙලා කෑ ගහනවා මෙතන...එහා කාමරේ හිටපු මාත් ගැස්සිලා අහැරුණේ තමුසෙ යටිගිරියෙන් කෑ ගහපු සද්දෙට..."

"ඉතිං ඔයා ඇවිත් මාව තුරුළු කරගත්තා.."

"ඔව් ඉතිං..."

🔥🐉The Eclipse🔥🐉🌒 ❤️ ZY 💚  CompleteWhere stories live. Discover now