🍁 Special 2🍁

629 98 131
                                    

~~~~අවුරුදු බර ගාණකට පස්සෙ~~~~

මුළු වට පිටාවම පාට පාට විදුලි බුබුලු වලින් සැරසිලා තියෙද්දී සද්දෙට ඇහෙන සංගීත සද්දේ ඒ මොහොත තවත් විනෝදයෙන් පිරෙව්වා.විශාල නිවස ඉදිරි පිට තිබුණු විශාල උද්‍යානය ලකුණු කරපු සීමාවකින් නොවුනත් වෙන වෙනම දෙකට බෙදලා තිබුණෙ වැඩිහිටියන් සහ පොඩිහිටියන් වෙනුවෙනුයි.ඉහල පැළැන්තියේ නිවසක පැවතුනු, ආහාර මත්පැන් වගේම පොඩි අය වෙනුවෙන් විනෝද ක්‍රියාකාරකම් වලිනුත් පිරුණු විශාල හැලොවින් සාදය ලොකු කුඩා කාගෙත් හිත් උද්යෝගෙන් පුරවද්දී ඔවුන් හිටියෙ තම තමන්ගෙ ලෝක වල.

පුංචි අය හැමෝම විවිධාකාර හැලොවින් සංකේතවත් උණු ඇඳුම් පැලඳුම් වලින් සැරසිලා හිටියා වෙද්දී ආහාර පාන වලින් ඇති පදම් සප්පායම් උණු ඔවුන් අතර තරමක් වැඩි හිටි උණු දරුවන් නිලා කූරු දල්වමින් තමනුත් සතුටු වෙමින් එක්වෙලා හිටපු තමන්ගෙ පුංචි යාලුවන්වත් සතුටු කරා.

ඒ අතරෙ උණේ කවුරුත් නොහිතපු දෙයක් වෙද්දී අනිත් අය ඇදගෙන හිටපු බයානක ඇඳුම් වලින් වෙනස් උණු සුදු පාට දිගු දුහුල් සිල්ක් ඇදුමකින් සැරසුනු අවුරුදු 10ක විතර දරුවෙකුගේ ඇඳුම පිටු පසට නොහිතපු විදිහට ගිනි පුලිගුවක් වැටෙද්දී ඔහුත් නොදැනිම ඇඳුම ඇවිළෙන්න ගත්තෙ සැණෙකින්. අනෙක් මිතුරන්ගේ කෑ ගැහිමත් එක්ක තමන්ගෙ පිටු පසින් දැල්වෙන ගින්න ඔහු නිවන්න උත්සාහ කරද්දි අනෙක් අය කෑ ගහමින් බලන් හිටියත් කිට්ටු වෙන්න බය උණා වෙද්දී සංගීත සද්දෙත් එක්ක තමන්ගෙ ලෝක වල අතරමං උණ වැඩිහිටියන්ට මේ ගැන වගක්වත් නොවුණා.

නොහිතුව සැණෙකින් ගිනි දැල් ඇඳුම දිගේ උඩට ඇදෙද්දි වැඩිමල් ළමයි හැමෝමත් බලන් ඉද්දී ඈතක ඉඳන් මෙතැන්ට දුවන් ආපු අවුරුදු 4ක විතර පුංචි කොලුවෙක් පුංචි කමට දෑත් වලින් ගසමින් මේ ගින්න නිවන්න උත්සාහ කරා...වාසනාවකට වගේ ඔහු ගින්න නිවන්න සමත් උණත් ඒ පුංචි දෑත් වල ඒ වෙද්දීත් දිය බුබුළු මතු වෙලා තියෙද්දී උණු උණු සිල්ක් ඇඳුමේ කෑලි ඒ පුංචි අත් වල ඇලිලා තිබුණා.

තමන් දවමින් හිටපු ගින්න යමෙකු නිවූ බව දැනෙද්දී වැඩිමල් පිරිමි ළමයා ඉක්මනින් පසු පස හැරුණේ තමන්ගෙ ගැලවුම් කාරයා දිහා බලන්න වෙද්දී තමන්ගෙ මිතුරන් කවුරු හෝ දකින්න බලාපොරොත්තු උණත් ඒ බැල්මෙන්ම ඔහු ගැස්සුණා...තමන් වගේම සුදු පාට අඳුමකින් සැරසුන පුංචිම පුංචි පොඩි එකෙක් ඇස් වල කඳුලු පුරවන් ඔහු දිහා බලන් හිටියා.ඒ සැණෙන්ම ඔහුගෙ හිනි උණ ඇස් වටේ රැස් වෙලා හිටපු අය දෙසට දවා අළුකරන බැල්මක් හෙළද්දී ඊලඟ තප්පරේ ඔහු පහත් වෙලා අමාරුවෙන් වගේ අර පුංචි එකාව වඩාගෙන එතනින් ගියේ අනිත් අය පුදුමෙන් බලන් ඉද්දී.

🔥🐉The Eclipse🔥🐉🌒 ❤️ ZY 💚  CompleteWhere stories live. Discover now