35.🍁 ඔහු පැමිණේ වි...! 🍁

444 134 31
                                    

කොරිඩෝ එකේ ශාන් නොපෙනී යනකම්ම බලන් හිටපු යීබෝගේ හිතට ඇති උණේ දරාගන්න බැරි පාළුවක්.

'කාවවත් විස්වාස කරන්න එපා....!'

උගුර හිරකරන් බඩත් රිදෙනවා වගේ ආපු අමුතුම හැඟීමක් එක්ක යීබෝගේ හිත කෑ ගැහුවා.මාස ගනනකට පස්සෙ ලැබුණු අවස්ථාව ගැන සතුටු විය යුතු උණත් දරාගන්න බැරි මූසල හැඟීමකින් යීබෝගේ හිතම පිරිලා ගියා.දොර වහලා දොරට පිට දිලා කඳුලු පාලනේ කරගන්න උත්සාහ කරා.

'ගගා.... මට ඔයා නැතුව ඉන්න බෑ දෙයියනේ... අනෙ මං ලගට එන්නකෝ....'

බීජින් ඇවිත් ශාන්ගෙන් වෙන් උණු මොහොතේ ඇති උණ වේදනාව,පාළුව සියදහස් ගුණේකින් වැඩි වෙලා  මේ මොහොතේ යීබෝගේ හිතම පෑරුවා. සෑහෙන වෙලාවක් හිටි තැනම උන්නූ යීබෝ ටික වෙලාවකට කලින් කෙදිරිලි වලින් සුසුම් වලින් පිරිලා තිබුණු නමුත් මේ මොහොතේ දරාගන්න අමාරු තරම් නිහඬ බවකින් පිරිලා තිබුණු නිවස තුලට නෙත් යොමන් අමාරුවෙන් නැගිටලා කාමරේට ගියා.

තැලිලා පොඩි වෙලා තැනින් තැන තෙත් වෙලා තිබුණු බෙඩ් ශිට් දිහා බලන් හිටපු යීබො කදුළු අතරින්ම හිනා වෙන ගමන් තවමත් කාමරෙන් එන ශාන්ගේ සුවඳට ඉව ඇල්ලුවා.ශාන් පළවැනි වතාවට තමන්ට යටත් උණු හැටි ඇස් ඉස්සරහා මැවි මැවි පෙනෙද්දී යීබෝගේ ඇස් තමන්ගෙ ඳගකාර කම ගැන ආඩම්බරෙන් දිලිසෙද්දි යිබෝ නොදැනුවත්වම තමන්ගෙ රවුල් ගස් අතරෙ ඇගිලි තුඩු අරන් ගියා.

'ම්ම්...කපන්න ඕනා...දැන්ම...'

මුළු දවසක් පාරෙම ගෙවුන නිසාත් දවස තිස්සේ හිතේ තිබුණ පීඩනේ නිසාත් නිදි නැතුව වෙහෙසකර ලෙස ගෙවුන රැය නිසාත් යීබොට තෙහෙට්ටුවක් දැනුණත් ආපහු හිත හදන් නිදාගන්න බැරි බව දැනෙද්දී එළිය වැටෙන්න තව  වෙලාව තියෙද්දිම යීබෝ බාතෘම් එකට ගියේ රවුළ කපන්න හිතාගෙන.

කණ්ණඩියෙන් පෙනෙන තමන්ගෙ රුව දිහා බලා ගත්තු යීබෝ ගණ රැව්ලින් වැහුන මූණ අතින් අතගාගන්න ගමන් ලොකු සුසුමක් හෙලුවා...හෙමිහින් අත අරන් යන ගමන් වම් උරහිසට උඩින් බෙල්ල ළඟින් තිබුණු පුංචි කලු පාට සලකුණ ඇගිලි තුඩු වලින් පිරි මැද්දා.විවාහය දවසෙ හිරු ආයීමත් දිලෙද්දී බින් පැමණ ශාන්ගේත් තමන්ගෙත් උරහිස් එකම සලකුණකින් ලකුණු කරපු හැටි මතක් වෙද්දී ගම්වැසියන් වගේම ශානුත් මතක් වෙලා යීබෝගේ හදවත කැක්කුම් දෙන්න ගත්තා.

🔥🐉The Eclipse🔥🐉🌒 ❤️ ZY 💚  CompleteWhere stories live. Discover now