37.🍁 සුන් උණු බලාපොරොත්තු 🍁

423 122 67
                                    

දවස් ගෙවිලා ගියේ හරිම හෙමින්....බින් මොන විදිහෙන් බෙහෙත් කරත් දවස් 5ක් ගෙවෙද්දීත් යීබෝට තාමත් විටින් විට උණ ගත්තා වෙද්දී දවසේ වැඩි හරිය ඔහු හිටියෙ උණ විකාරේ නිසා සිහියත් අසිහියත් අතර.යීබෝ හිතුවක්කාර විදිහට ඔහුගෙත් ශාන්ගේත් නිවසේම නතරවෙද්දි ගෙවුණ කාලය පුරා ඔහු අසලින් රැදෙමින් ඔහුට උවටන් කරන්න බින්ට සිදු උණා.

නින්දත් නොනින්දත් අතර යීබෝ, ශාන් ලි රෙන් ගැන සමහර අතීත සිදුවීම් ගැන කියවන දිහාත් සමහර වෙලාවට ශාන් නැති පාළුවෙන් හීනෙන්ම අඬා වැටෙන හැටිත්,ශාන්ගේ පහස ඉල්ලලා අසිහියෙන් කෙදිරි ගාණ හැටිත් ,තවත් විටෙක හීනෙන් බයවෙලා ගගාට මොකුත් කරන්න එපා යැයි කෑ ගහමින් ගැහෙන හැටිත් බින් බලන් හිටියෙ වේදනාවෙන්.

යීබෝ ඉන්න තත්වෙත් එක්ක ශාන්ගේ පැමිණිම ගැන බින් ඕනවාටත් වඩා වද උණා වෙද්දී ශාන් යලි පැමිණෙන බව ෆාජි තහවුරු කරත් දිනෙන් දින දවස් ගෙවෙද්දී ඔහු නියමිත දිනට පැමිණෙවිද කියන ප්‍රස්නෙ ගෙවෙන දවසක් ගානේ බින්ගේ හිතේ පීඩනේ වැඩි කරා.

අන්තිමට යීබෝගේ පැමිණිමෙන් දින 6කට පස්සෙ නැවතත් බස් රථය කන්ද නගින දින උදාවෙන මොහොත වෙද්දී ගම්මානයේම තිබුණෙ විශාල කලබලයක්.තවත් දින 3කින් යෙදෙන පුර පසළොස්වක දින රාත්‍රියේ
ගොත්‍රික දෙවොල වසර සියයකට පසු නැවත විවුර්ත කිරිමටත් ඉන් පසු දින නැවත විවාහ උත්සව ආරම්භ කිරිම වෙනුවෙන් සංකේතාත්මකව පැවත් විමට නියමිත මින්ෂුගෙ විවාහ මංගල්‍යය වෙනුවෙනුත් හැමෝම උද්යෝගයෙන් වගේම වෙහෙස මහන්සි වෙලා වැඩ කරා.නමුත් හැමෝගෙම හිත් දෙගිඩියාවෙන් පිරිලා තියෙද්දී වචන ගොළු උණත් ඔවුන් තම තමන්ගෙන්ම ප්‍රස්න කරා.....

'ඔහු ඒවිද.....උතුමාණන්...ඔහු නියමිත වෙලාවට පැමිණෙවිද...'

යීබෝගේ පැමිණිමෙන් 6 වැනි දවසේ  පාන්දරින්ම බින් ඇතුලු පිරිස ශාන්ගේ පැමිණිම බලාපොරොත්තුවෙන් ගිරිදුර්ගය ඔස්සේ කඳුකර මාර්ගයට යාමට සූදානම් වෙද්දී යීබොටත් හිතුවක්කාර විදිහට ඔවුන් සමග යන්න ඕනා උණා.

"නමුත් ඔබ තුමා දුර්වලයි....බලන්න ඔබ තාමත් සුදු මැලි වෙලා.."

"මට බලන් ඉඳලම මහන්සියි බින්...මට විස්වාසයි ගගා අද ඒවි.ඔව් එයා එන්න ඕනා...මොකද අද අන්තිම දවස...ඉතිං එයා කැමැති වෙයි....මං එයාව එක්ක එන්න ගියොත්....අනික එකතැනක ඉඳන් බලා ඉන්නවා කියන්නේ මහ එපා කරපු දෙයක් බින්..."

🔥🐉The Eclipse🔥🐉🌒 ❤️ ZY 💚  CompleteWhere stories live. Discover now