52.🍁 සදාකාලික ආදරය End 🍁

817 125 192
                                    

බින් ඇතුළු පිරිස කැලෑ මාර්ගය දිගේ ගමන් කරේ වෙනදාට වඩා සෑහෙන්න අඩු වේගෙකින්.එලොවත් මෙලොවත් අතර වගේ බරපතල කල්පනාවක හිටපු ශාන්ගෙ පය එස උණේ අඩියෙන් අඩිය වෙද්දී ඒ උදාසින ගමන අනෙක් අයගේ ගමනත් ප්‍රමාද කරන්න හේතු උණා උණත් සෑහෙන්න කල් ඇතිව ගම්මානෙයෙන් පිටත් උණ නිසාම අනෙක් අයත් ශාන්ගේ වේගයට ඉඩ දුන්නා.ගමන පටන් ගද්දී රෙන් සමග පිරිස ඉදිරියෙන්ම ගමන් ගත්තු ශාන් ගමනේ මගක් යන්නත් කලින් හැමෝගෙන්ම පහු වෙලා හිටියෙ ඉදිරියෙන් යන පිරිසට නැවත නැවතත් හැරි හැරි බලන්නට සලස්වමින්....

දුර්ග මාර්ගේ පෙනෙන නොපෙනෙන තෙක් මානෙට එද්දී ශාන් හිටි වනම නතර උණේ තමන්ගෙ පිටුපසින් හදිසියේ උරහිසේ එල්ලුනු බරක් නිසයි.එක සැණින් ගැස්සුණත් එසැනින්ම ඒ ස්පර්ශය හඳුනා ගත්ත ශාන් මුවේ ඇඳුනු ලස්සන හිනාවක් එක්ක සැනසුම් සුසුමක් හෙළුවෙ අනිත් පැත්ත හැරෙන ගමන් වෙද්දී තැන් තැන් වල වාඩි ලා සිටි පිරිසත් ශාන් සමගම සැනසුම් සුසුම් හෙළුවා.ශාන් ගැන සැලකිලිමත් වෙමින් විටින් විට හැරි බලමින් ගමන් කල පිරිස තමන්ට පසු පසින් සුනාමියක් වගේ කඩන් බිඳගෙන එන කෙනාව මේ වෙද්දීත් දැකලා ගමන නවත්වා තියෙද්දි තමන්, ඉදිරියෙන් ගමන් කල පිරිස ආසන්නයට තමන් පැමිණ සිටි බවට ශාන්ට සිහියක් නොතිබුණා.

"ග්...ග්...ග....ගා...ය...න..න...එ. පා....එපා...යන්..නැ...."

පිටු පස හැරුණු ශාන් අත් දෙකෙන්ම යිබොව වැළඳ ගද්දී යිබෝ හති ඇර ඇරම වචන ගලපා ගන්න උත්සාහ කරද්දි ශාන් හෙමින් සිරුවේ එ පිට අත ගෑවා.

"මහන්සි ඇරගන්නකො....අපි හෙමින් කතා කරමු..."

ශාන් ඇහෙන නෑහෙන ගාණට යිබෝගේ කන ළඟින් මිමිනුවේ දැනටමත් එළියට පනින්න තරම් වේගෙකින් ගැහෙන හදවත අමාරුවෙන් ඉවසන්....

"බ්..බෑ... බෑ...කෝ...කෝ...බෑග්...එක...ඉල්ල ග...නන්න..ඔයා...ඕ...යා...කොහෙ...වත් යන්නෙ නැ..."

"මොන බෑග් එකද බෝ...අනික කොහෙ යන්නද...."

ශාන් අහද්දී යිබෝ ශාන්ගේ පපුවෙන් ඈත්වෙලා එ මූණ දිහා බැලුවේ පුදුමයෙන්.

"ඕ..ඔයා...යන්න...නෙමෙද...ආවෙ...!! රෙන් එක්ක....ආපහු...."

යිබෝ අහලා ඉවරවෙද්දීම ශාන් හයියෙන් හිනා උණා....

🔥🐉The Eclipse🔥🐉🌒 ❤️ ZY 💚  CompleteWhere stories live. Discover now