16.🍁 අමුතු බෙහෙතක් 🍁

661 160 114
                                    

other place
📞📞📞📞

"ඉක්මනින් හොයා ගන්නවා...!ඉක්මනින්...!"

.....

"නෑ එයා දැන් හොයන්නේ නෑ.එයාට ඕනා උණු දේ උණානේ..."

......

"හරි ඉතිං ඒ උණාට මට කේන්තියි...ඌ හොඳින් ඉන්න බෑ එච්චරයි..."

.....

"නෑ නෑ එයාට මොකුත් වෙන්න බෑ...හොඳට මතක තියා ගන්නවා..!"

.....

"හරි මං ෆොටෝ එක එවන්නම්"

📞📞📞
End

"ඔ...ඔයා...?කොයි වෙළේද ආවෙ..?"

ෆොන් එක තියද්දීම ගිනි පිටවෙන ඇස් වලින් බලන් ඉන්න කෙනා දකිද්දී ඒ ඇස් ගැස්සුණා.

"මොකක්ද අයිසේ මේ කරන විකාරේ.."

"අනේ....මං මේ මේ..."

ඒ කෙන්තිය ඕනවාටත් වඩා වැඩියි කියලා තේරෙද්දී අනිත් කෙනාගේ ඇස් බයටම බිමට බර උණා.

"මොනවාද...කියන්න දෙයක් තියෙනවාද ආ...මට ඇහුන දේවල් බොරු කියලද කියන්නේ.."

"මං..මං..."

"මේව මගේ වැරදි.. මට තිබුණා උඹට මොකුත් නොකියා ඉන්න..."

"මං මං එයා ගැන හෙව්වෙ නෑ..."

"ඔව් මං දන්නවා..උඹ ඉරිසියාවේ පැලෙනවා ඒකයි මේ..."

"මට කේන්තියි..."

"මොකටද ආහ් මොකටද...හේතුවක්වත් අයිතියක්වත් තියෙනවාද උඹට කේන්ති ගන්න ආ.."

......

"මේ අහපන්...මං නරක මිනිහෙක් නෙමෙ...ඒත් උඹ නිසා මං එහෙම උණා..! මං කරපු දේ ගැන උඹම නේද මාව මරන් කන්න ලෑස්ති උණේ.... මොකක්දෝ වාසනාවකට මගෙන් වෙන්න ගිය වැරැද්ද නතර වෙද්දී උඹම දෙයියන්ට පිං දිලා මට බැරි උණ දේ උඹ කරන්න හදනවාද උඹට ඕනා ආයම ඒක කරන්නද....  උඹ ඉන්න විදිහ ගැනවත් හිතපන්....ටිකක් මනුස්සයෙක් වගේ වැඩ කරපං."

"මට සමාවෙන්න..."

"සමාව මඟුල...! උඹ මේක නැවත්තුවේ නැත්තං මට හිතන්න වෙන්නේ උඹ තාම ඒ දේවල් අමතක කරලා නෑ කියන එක තමා. මට ඉතිරි වෙන එකම විකල්පේ අලුතෙන් ලැබෙන්න තියෙන දේවල් තියන්  උඹට යන්න දෙන එක තමා...."
.
.
.
.
.
.
.
.
.

🔥🐉The Eclipse🔥🐉🌒 ❤️ ZY 💚  CompleteWhere stories live. Discover now