25.🍁 නුඹ කොහිද සැඟවුණේ 🍁

501 140 112
                                    

නොහිතපු වෙලාවක නොහිතපු විදිහට දැන ගන්න ලැබුණ දේ නිසා ශාන් හිටියෙ ගොඩක් සතුටින්...බැන අඬ ගැහිම්,තර්ජනය කිරීම්,බලකිරීම් බලාපොරොත්තු උණත් ලී ගෙ කුසේ පණ ගැහෙන ලේ කැටිය නිසා ඒ හැම දේකටම තිත වැටිලා තිබුණා. හිතේ කොණක තරමක පසු තැවීමක් දුකක් තිබුණත් ඒ ගැන හිතනවාට වඩා හැමදේ ගැනම සතුටු වෙන්න ශාන්ට උවමනා උණා..

'දෙයක් ලැබෙන්න තවත් දෙයක් කැප කරන්නම ඔන'

ශාන් තමන්ටම තේරුම් කරන්න උත්සාහ කරා.අහන්න දකින්න ලැබෙන හැමදෙයක්ම හීනයක්ද කියන සිතුවිල්ල සෑහෙන වෙලාවක් යනකං ශාන්ගේ හිතට වද දෙද්දී හැම දේම ඇත්තක් කියලා තේරුම් යද්දි ශාන්ට දැනුණේ ලෝකේම තමන්ට ලැබුණා වගේ හැඟීමක්.අන්තිමේ ලී එක්ක තිබුණ ප්‍රස්න විසදෙද්දී ශාන්ට යීබෝ එක්ක විසඳ ගන්න ප්‍රස්නයක් නිර්මාණය වෙලා තිබුණා.

මඟ ඇරුණු කාලය ගැන පසුතැවීමක් විතරක් ඉතුරි වෙද්දී ශාන්ට යීබෝව මුණ ගැහිලා ඉතිරි උණ ප්‍රස්නෙත් ඉක්මනින් විසඳ ගන්න ඕනා උණා.ඉක්මනින්ම යීබෝව මුණ ගැහෙන්න ඕනා උණත් ලී ගෙනුත් පවුලේ අයගෙනුත් ලැබුණු සැලකිලි මැද්දෙ ශාන්ට ඔවුන්ව මඟ ඇරලා යන්න බැරි වෙද්දී හවස් වෙනකංම ඔවුන් සමඟ ඉන්න සිද්ධ උණා වගේම හැන්ඟෙන්නවත් මඟ අරින්නවත් තවත් හේතුවක් නොවුණ නිසාමත්,මීට කලින් ශාන් ලීගෙ නිවසේ ඕනා තරම් කාලය ගත කරලා තිබුණ නිසාත් නිදහසට කාරණා නැතිවම ශාන්ට ලීගෙ නිවසේම නවතින්න සිදු උණා.

අන්තිමේ මහන්සියක් ගේන තරම් සැලකිලි මැද්දෙ දවස ගෙවෙද්දී ඉර බැහැගෙන යද්දී බොහොම අමාරුවෙන් ශාන්ට නිවසින් පිටවෙන්න පුළුවන් උණේ රෑ කෑමට නැවත පැමිණෙන පොරොන්දුව පිටයි.ශාන් ලී ගේ වාහනෙත් අරන් යීබෝ කියපු මඟ සලකුණු අනුව යීබෝගේ අපාර්ට්මන්ට් එක හොයන් ගියා.

Receptionist ගෙන් යීබෝගේ රූම් නම්බර් එක අහ ගද්දී ඇය කියපු දේ නිසා ශාන් පුදුම උණා.යීබෝ මාස ගාණකින් නිවසට නොපැමිණි බව ඇය පැවසුවා වෙද්දී නිවසට එන බව පවසමින් තමන්ගෙන් වෙන් උණු යීබෝ රෑ වෙන්නත් ඇවිත් නිවසට නොපැමිණි එක ශාන්ට ප්‍රස්නයක් උණා....යීබෝ දුන්න දුරකථන අංකයට ඇමතුම් ගත්තත් ප්‍රතිචාරයක් නැති තැන  කොහෙ ගියත් රෑ වෙනකොට එයි කියන බලාපොරොත්තුවෙන් ශාන් reception එකේ තිබුණු සෝෆාවකට  වෙලා මඟ බලන් හිටියා.

🔥🐉The Eclipse🔥🐉🌒 ❤️ ZY 💚  CompleteWhere stories live. Discover now