51.🍁 හිත හැදූ අමුතු ආහාරය 🍁

453 119 74
                                    

රෙන් පැමිණ තමන්ට කතා කරලා ගිය පසු ගෙවුණ මුළු රාත්‍රියම යිබෝ ගත කරේ නොසන්සුන් කමින්...පහුගිය ටිකේ හිතට වද දුන්න හැඟීම රෙන්ගේ පැමිණිමත් එක්ක තවත් වැඩි උණ බවක් යිබෝට දැනුණා වෙද්දී අතේ තියෙන රෙන් දීලා ගිය කැසට් රෙකොඩර් එකට ඇහුම් කන් දෙන්න හිත හදාගන්න යිබෝට බැරි උණා.....

රෙන් රැගෙන ආපු රාත්‍රි ආහාරය තිබූ තැනම සීතල වෙද්දී විටෙක කාමරේ පුරා ඇවිදිමින්...විටෙක ඇදට වැටිලා සිවිලිම දිහා බලන්...තවත් විටෙක ඇදට පිට දිලා බිම ඉඳන්... තවත් විටෙක ශාන් කාලෙකට කලින් නිදා ගත්තු තැන බීම සීතලේ ගුලි වෙමින්....යීබෝ මුළු රාත්‍රියම නිදි නොමැතිව ගෙවා දැම්මා වෙද්දී හිතේ ඇති උණ නොසන්සුන් සිතුවිලි දරා ගන්න බැරි තැන පොලවේ ගහපු කැසට් පටියත් ඊට නුදුරින් තිබුණු විසි වෙලා ගිය බැටරි කැලි දෙකත්... එළියට ඇදලා ඇදලා දාපු දුඹුරු පාට දිලිසෙන පටි කැලි දිහත් හිතල පොලවේ උඩට ඇඳුමකුත් නැතිව දිගා වෙලා හිටපු යිබෝ බලන් හිටියෙ හිස් හැඟීමෙන්......

"ඒ වගේම ඔයාගෙ හිතේ තව මොකක්ම හරි නොපැහැදිමක් තියෙනවා නම්.... ඒකත් නැති කරගන්න මේක උදව් වෙයි...."

යිබෝට මතක් උණේ ටේප් එක තමන්ට දෙන ගමන් රෙන් කියපු වචන.

"එයාගෙ හිත වෙනස් කරපු කතාවක් මගෙ හිතේ නොපැහැදිම නැති කරන්න...!! එයා මොනවාද දන්නේ නෑ හිතන් ඉන්නෙ....මමත් එයා වගේ කියලද..."

යිබෝ තමන්ටම කියාගත්තෙ නොරිස්සුමින්.

"අර නාකියටම හරියනවා..! මෙච්චර දියුණු ලෝකේ...එයා කොළ කැලි වල පාර හොයනවා...මේ මිනිහා ආදි කාලෙ ටේප් රෙකොඩර් උස්සන් එනවා...බැටරි කෑලි එක්ක...."

යිබෝට මතක් උණේ මුණ ගැහුණු මුල්ම දවසේ මැප් එක බලනවාට විහිළු කරද්දි ශාන් කියපු දේ වල්....

"එයාලා හරි...ලෝකෙ දියුණු උනාට...මේ කඳුකරේ ඊට වෙනස්....අලුත් ඩිවයිස් එකක් එක්ක පෙන් එකක් ගෙනාවා නම්...කෝ ඒවා චාජ් කරන්න කරන්ට් එක...එහෙම බලද්දී මේ බැටරි කෑලි මාස ගානකට ඔට්ටුයි...."

තමන්ගෙ මෝඩ කම ගැන කට කොණේ හිනාවක් ඇදුණත් අනිත් මොහොතේ ශානුත් රෙනුත් තමන්ට වඩා දුර හිතනවා කියලා මතක්වෙද්දී ඒ ගැලපීම ගැන හිතද්දී අඬන්න ඉන්න මිනිහට අඟිල්ලෙන් ඇන්නා වගේ යිභෝගේ ඇස් කඳුලින් පිරුණා.

🔥🐉The Eclipse🔥🐉🌒 ❤️ ZY 💚  CompleteWhere stories live. Discover now