Chapter 19

139 35 9
                                    

"මේ ජිමින් පුතා වෙන්න ඕනී..."

"ඔව් අංකල්..."

කිම් ගෙදරට ආව ජිමින් එක්ක චූටී වෙලාවක් කතාකර කර හිටි කිම් මේඩ් කෙනෙක් ලව්වා ටේව ගෙන්නන් ජිමින්ව ටේ එක්ක ටේගේ රූම් එකට යැව්වා.

"ඔහේ මොකද මෙහෙ කරන්නේ..."

"මන් ආවේ ඔයාට මගහැරුන පාඩම් කියලා දෙන්න..."

"ආ...අප්පටත් ගෙන්නන්න වෙන කවුරුත් ඉදලා නැද්ද...මොකද ඔහොම බලන්නේ.."

"නෑ මේ ඉහෙන් බහින ලෙඩක් පේන්න නැති ඔයාට ටික දවසකට ස්කූල් එන්න බැරි ඇයි කියලා බැලුවා.."

"ඒක ඔයාට වැඩක් නෑ...ආව වැඩේ කරලා පාඩුවේ ගෙදර යන්න..."

"හප්පා..මෙයාගේ රැස්..."

ටේ දිහා බලන් ඇස් රෝල් කරපු ජිමිනි ටේගේ ටේබල් එකෙන් වාඩිගෙන එයාගේ නෝට් බුක් එලියට ගත්තා...

few hour later...

"ඕක ඔහොම නෙමෙයි කරන්නේ..මේ බලන්න ඔයා මේ රටාවට ගනන් විසදන්න හුරු උනොත් ඔයාට වරදින්නැතුව ගාන හදලා ඉවර කරන්න පුලුවන්.."

හැම විෂයකම පාඩම් වැඩ හොදින් කල ටේටේ එකම ගාන දෙතුන් සැරේ වරද්ද ගන්න දිහා ඉවසීමෙන් බලන් හිටි ජිමිනි ටේටේට ගනන් හදන ලේසි ක්‍රම කීපයක්ම ටේට තේරෙන විදිහට කියලා දුන්නා..

ඒත් ඒ ක්‍රම වලිනුත් අන්තිම ගැට්ටෙද්දි ගාන වරදිද්දි ටේට කේන්ති ගියා වගෙම දුක හිතුනා..

ඉතුන් ඒ නිසා එයා පෑන ඩෙස්ක් එකේ ගහලා එයාගේ කෙස් වලින් ඇදගත්තේ මේ වාරෙත් බඩුබනිස් තමා කියලා එයාට හොද හැටි තේරුන් ගිය නිසයි..

"කූල් ඩවුන් ටේටේ...ඔයා අහලා නැද්ද වරදින්න වරදින්න තමයි දෙයක් හරියන්නේ කියලා.."

"එහෙම හරියනවනම් මන් අද මෙතන නෙමේ ඉන්නේ පාර්ක් ජිමින්.."

ගනන් එක්ක තීන කේන්තිය ටේගේ වචන වලින් පිටවෙද්දි කටවහගත්ත ජිමිනි ඇස් රතු කරන් කේන්තියෙන් ඉන්න ටේව කූල් ඩවුන්කරන්න හිතන් එයාගේ පිට පිරිමැද්දා..

"ස්..අහ්.."

"ඇයි..."

"පිටෙ..න් අ..ත ගන්..න.."

තොල හපාගෙන කටින් පිටවෙන කෙදිරිලි හිරකරගන්න ට්‍රයි කල ටේටේ එහෙම මුමුනද්දි ජිමිනි ටේටේගේ මූන දිහා හොදට බැලුවා..

------------------------------------------------------------
yehenirathnayake 🙃💗

Number one  //𝗰𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱//Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ