"ම්...තැනනම් හොදයි..මන් හවසට පුතා එක්ක මෙහෙ එන්නම්.."
"හරි මිස්ටර් කිම්..."
"මේ පුතාගේ ටයිම් ටේබල් එක..ඔයාට ඕනිනම් මේක තව ටිකක් වෙනස් කරලා එයාට තව වැඩියෙන් වැඩ කරවන්න පුලුවන්.."
"ඕකේ..."
"එහෙනම් හවසට මුන ගැහෙමු.."
ජූන්ගේ ගෙදර ටේට නවතින්න ලැබෙන රූම් එකයි ගෙයි වටපිටාවයි චෙක් කල මිස්ටර් කිම් ආයෙම එයාගේ ගෙදර පිටත් වෙද්දි පැත්තකට වෙලා කිම් ඩබල දිහා බලන් හිටි ජිනී ජූන් ලගට ආවා..
"මිනිහා ටිකක් ආමාරුකාරයෙක් වගෙයි"
"ටිකක් නෙමෙයි ගොඩ..ක් එයාගේ ලමයට මොනාහරි උනොත් අපිට අපෙ පුතා ගැන බලාපොරොත්තු අතෑරගන්න කිව්වා.."
"මොකක්..!!!"
"හ්ම්..මෑන් ප්‍රින්සිපල්ටත් ඔය ටිකම කියලා ටේට මුකුත් උනොත් අපේ පවුල් දෙකටම එයා කේස් එක අදිනවා කියලා.."
"යකූ..ඒක යකාගේ කතාවක්නේ..ඒ මනුස්සයා හරියට තමන්ගේ ලමයා බලාගත්තනම් අපිට මෙහෙම කරන්න වෙන්නේ නෑනේ..."
"හ්ම්...මගෙ දෙයියනේ..!!!"
"මෝ..මොකද උනේ ජුනී....🥺"
එක සැරේම පපුව අල්ල ගන්න ගමන් කෑගහපු ජිනීගේ ඇගේ එල්ලුන ජිනී කලබලෙන් කලබලෙන් එහෙම ඇහුවත් ජුනීගේ ඇස් රැදවිලා තිබුනේ කිම් එයා අතින් තිබ්බ කොලෙ උඩයි...
"මේ බලන්න ජිනී..මුලු දවසටම පැය නවයයි නිදහසේ ඉන්න පුලුවන්.ඒ පැය නමයත් වෙන් වෙලා තීන පැය නමයෙක් පහක් නිදාගන්න.ඉතිරිවා කන්න බොන්න ටිකක් ෆ්‍රී එකේ ඉන්න ස්කූල් යන්නයි එන්නයි සහ අමතර දේවලට..."
"හහ්...මේ කොල්ලා ඇත්තටම පනපිටින් ඉන්නවද..ලමයෙක් උනාම පැය අටක නින්දක්වත් ඕනිනේ..මෙයාට නිදහසේ ඉන්නම තීන්නේ පැය නමයයි...💔"
"සමහරවිට මෙයා බොරු කරනවා ඇති.."
"ම්...ඒවට වෙන්නැති එයා ගුටි කන්නේ.."
"හ්ම්..කිම් කාරයා ආයේ කොරියා ආවම ආයෙ බොරුවක් අතෑරලා කොල්ලව මෙහෙ තියාගන්න ඕනී.."
"ඒත් එයා අදවත් මෙහෙ ඒවිද කියලා අපිට විශ්වාසයක් නෑනේ..."
"එයා ඒවී..එයා එන්න බෑ කිව්වත් කිම් එයාව මෙහෙ එවාවී..."
ජූන් විශ්වාසනීය කටහඩකින් කියද්දි ජිනිත් ඒක පිලිගන්නවා කියන්න ඔලුව උඩට පහලට කලා..