Chapter 29

150 33 8
                                    

අදට ටේටේ ජිමින්ගේ ගෙදරට ඇවිත් හරියටම මාසයයි...

මුලින් මුලින් ජිමින් වගෙම ජිමින්ගේ ගෙදර අයත් ඕනිවට වඩා තමන්ට ලන්වෙනවා කියලා හිතුව ටේටේ පස්සේ පස්සේ එඑ අයගේ ලංවීමට කැමති වුනා

හැබැයි ඒ ලිමිට් එකක් ඇතුවයි..මේතන තමන්ගේ තාවකාලික නවාතැන්පලක් විතරයි කියලා ටේටේ එයාගේ මොලේට වගේම හිතටත් තේරුම් කරලා දුන්නා..

සතුටු කාලයක් තිබුනොත් දුක් කාලයක් එනවා දුක් කාලයක් තිබුනොත් සතුටු කාලයක් එනවා..

කාලයක් සතුටින් ගෙව්ව ජීවිතේ නැත්තටම නැතිවීගෙන ගිහින් දුකට හුරුවෙලා හිටි ටේටේ සතුටින් ඉන්න බයවුනත් එයා මේ මතක එයාගේ හදවතේ ගැබුරින් තියාගන්න හිතුනා..

මේ මතක කියන්නේ,ජිමිනිගේ වොයිස් එලාම් එකට ජිමිනිව තල්ලු කරලා නැගිටලා ජූන්ගේ ආදරේ කරුනාව මැද ජින්ගේ සාත්තු සප්පායම් එක්කලා පාඩම් වැඩ කරලා ඒ ජින්ජිමින් දෙන්නා එක්ක කෑම එකට කෑම අරන් ජිනීගේ රසම රස කෑම හෝප්කුක් ඩබල එක්ක බෙදන් කාලා මැත්ස් ටීචර්ගෙන් ලැබෙම වර්නනා වගෙම අනික් ගුරුවරුන්ගෙනුත් ලැබෙන වර්නනා සමසිතින් විදගෙන පුලුවන් තරම් කූල් එකේ ස්කූල් එකේ කාලේ ගතකරලා ගෙදර ගිහින් වොෂ් දාන් සමහර දාට පූල් එකේ සෙල්ලම් කරලා ජිනීගේ අධීක්ෂනය මැද ජිමින් එක්ක පාඩම් කරලා ෆ්‍රී ටයිම් වලට කට්ටිය එක්කම මූවී එකක් බලලා හිනා වෙලා රෑ කෑම කට්ටියම එක්ක එකටම අරන් ජිනීගෙන් නිතරම ලැබෙම කිස් එක්කලා ජූන්ගේ ලස්සන හිනාවයි කොන්ඩේ ඇවිස්සිල්ලයි එක්ක ෆෝන් එකේ අනම් මනම් කරලා සැනසීමෙන් නිදාගෙන ගෙවන ලස්සන ජීවිතේ මතක...

ඇත්තට කලින් හිටිය විදිහත් එක්කලා මේ ලැබෙන සතුට නිසා ටේටේ හිටියේ ගොඩාක් බයෙන්..

මොකද කාසියේ දෙපැත්තක් තියේ කියලා එයා හොදටම දන්නවනේ..ඒත් ඉතින් ජීවිතේ කියන කාසියේ පෙරලෙන පැත්ත ඒ ඒ විදිහට ගෙවන්න ඕනිනේ..

සතුටින් ඉන්න තීන කාලෙත් දුකින් ඉදලා දුකින් ඉන්න තීන කාලෙත් දුකින් ඉන්න එක තේරුමක් නෑනේ...

ඉතින් මේ ටේ සතුටින් ඉන්න කාලෙයි..

මේ ගෙවුන සති තුනේදී ජූන්ගේ ගෙදර වුන දේවල් ගැන විස්තර කිරීමක් කරොත් දැන් ජූන්ගේ ගෙදර ගෝඩ් ඔව් ඩිස්ට්‍රෝයිලා දෙන්නයි.

ඒ වෙලේට ජින්ට බෙයාර් බේබීව මතක නැතිව ගිහින් යක්ෂයා ආවේශ වුනත් ටේගේ බෝල ඇස් ලග ජින්ගේ යක්ෂයා හැමදාමත් පරාදායි..

ඉතින් ජින්ගේ කේන්තිය පිටවෙන්නේ ජූන්ගෙන්..ටේටේ හැම නිතරම ජූන් ලග දැවටෙන නිසා ජූන්ගේ පුරුදු ටේට ඇවිත්ලු...

හනේ ඉතින් මෙව්වා කාටකියන්නද කියලා ජූන් හිතුවත් එයා ටේට බැන්නෙවත් ජින් ගැන අහිතක් හිතුවෙවත් නෑ..

එයා ටේජින් දෙන්නා අතරේ ටේජිමින් අතරේ වගෙම ටේයි එයයි අතරේ ඇතිවෙන ආදරනීය බැදීම දිහා හරි සතුටින් බලන් හිටියා..

එයාටත් ටේට දැනුන හැගීම ඒ විදිහටම හිතට දැනුනත් අතීතයේ ඇතිවුන දුක්කිත කාලයන් ජයගත් විදිහට ඉස්සරහට එන්න තීන නරක කාලේත් ජයගන්නවා කියලා එයා තදින්ම හිතාගත්තා..

Number one  //𝗰𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱//Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ