අදට ජින් ජූන් ටේ ජිමින් හතරදෙනා ජේජු ඇවිත් ගෙවෙන තුන්වෙනි දවස..
ජේජූ ආ මුල් දවස් දෙකේ පවුලක් විදිහට එකම රූම් එකේ නවාතැන් ගත්ත මේ හතර දෙනා වයස් පරතරේකින් තොරව හොදහැටි විනෝදවෙලා එයාලගේ දවස් හොදට එන්ජෝයි කලා..
මුල් දවසේ රෑ හොටෙල් හෝල් එකේ තිබුන ඕපෙනින් සෙරමනි එකට ෆුල්සූට් එකෙන් සහභාගී වුන මේ හතරදෙනා පාර්ටි එකේදි ගොඩාක් කැපිලා පෙනුනා..
ඒ මෙයාලගේ තිබුන නිම කරන්න බැරි ලස්සන වගෙම එකමුතු විනෝදකාමී බව නිසයි..
ජින් ජූන් ටේ ජිමින් හතරදෙනා එකට ඉද්දි එයාලාව හොදහැටි නොදැන කතාබහ කල බිස්නස් ෆැමිලීස් ටේ නම් ජූන් වගේමයි ජිමින් නම් ජින් වගේමයි ඔයාලට ඉන්නේ ලස්සන පුතාලා දෙන්නෙක්නේ කියලා ජින් ජූන්ලව වර්ණනා කරලා තම තමන්ගේ දුවලා පුතාලව එයාලට අදුන්වලා දුන්නා.
ඒ මිනිස්සුන්ගේ කතාවලට යටි හිතින් හිනාවුන ජින් ජූන්ලා හැමකෙනා එක්කම සුහදශීලීව කතාබහ කරලා ටේ ජිමින් දෙන්නවත් ගාඩ් කරන් පාර්ටි එකට හොද එන්ඩ් එකක් දුන්නා..
පාන්දර එක දෙක වෙනකන් තිබුන පාර්ටි එකෙන් හෙම්බත් වෙලා හිටි ටේ ජිමින් දෙන්නා ජිනීගේ වදේට වොෂ් එකක් දාන් බෙඩ් එකේ පෙරලෙද්දි ජින් එක්ක වොෂ් එකක් දැම්ම ජූන් ජිමින්ව තුරුලු කරගෙන නින්දට යද්දි ටේව තුරුලු කරගත්තු ජින් සැප නින්දක් බලාපොරොත්තුවෙන් ඇස් දෙක පියාගත්තා..
ඒත් තද නින්දක හිටි ටේගේ අත්වලට ජිනීව ටික ටික හිරවෙන්න ගද්දි ජිනීට දෙවියෝ සිහිවෙන්න ගත්තා..
ටේ කියන්නේ ඔම්මා නැති වුන කාලේ ඉදන් පාලු යන්න කොට්ටේ තදින් බදන් නිදාගන්න පුරුදුවුන කොල්ලෙක් කියලා ජිනීට එච්චර මීටර් උනේ නෑනේ..
අයින් කරන්න කරන්න ජිනීගෙ බෙල්ල වටේ එතෙන අත්දෙකයි ජිනීගේ බඩට වදින ටේගේ පාපහරවලුයි එක්කලා ජීනීට එයා ජූන් එක්ක නිදාගත්ත පලවෙනි දවස මතක් වුනා.
කෝලාබෙයෙක් වගේ ලග ඉන්න කෙනාගේ බෙල්ලේ එල්ලිගෙන හොදට තුරුලුවෙලා නිදාගන්න පුරුදුවෙලා හිටි ජූන් එක්ක අවුරුදු ගානක් පවුල් කාපු එකට ජින්ට සම්මානයක් දෙන්න වටිනවා..