"හනේව් පැටියෝ..හෙමීට දුවන්නකො පපාට අමාරුයිනේ.."
"හී හී..."
"මගෙ සූටියා මේ බත්කට කෑවොත් පපා බබාට ලොකු උම්මියක් දෙනවා..."
ගෙයිපුරා දුවන පුන්චි දගමල්ල පස්සෙන් දාහක් දේවල් කියමින් ලොකු බඩකුත් උස්සන් ඇවිද්ද ටේටේ එහෙම කියලා ඉනට අතක් තියන් මහන්සි අරින්න ගත්තේ මාස අටක බඩක් එක්ක පුන්චි දගමල්ලක් එක්ක දගලන එක අමාරු දෙයක් වුන නිසයි...
"බෙයාර් ඔයා අත සෝදන් ටිකක් රෙස්ට් කරන්නකො..මන් බබාව බලාගන්නම්.."
"ඒත් පපා.."
"කිව්වම අහන්න.ඔයාගේ මූන සුදුමැලි වෙලා.ටිකක් රෙස්ට් කරන්න.තව ටික්කින් ජුනී එක්ක මිනී ගෙදර ඒවී..එයා ඔහොම ඔයාව දැක්කොත් දුක්වේවී..."
ටේගේ දැඩි ඉල්ලීම මත මැරි කරලා අවුරුදු දෙක්කට පස්සෙ ටේගේ බඩට එයස්ලගේ දෙවෙනි බබාව ජිමිනි අරන් ආවත් පුන්චි දගයා එක්ක පුන්චි කෙලි පැටික්කියෙක් බඩේ තියන් ඉන්න ටේ ගැන ජිමින් ගොඩක් වද වුනා.
එදා හොස්පිට්ල් එකෙන් ඩිස්චාර්ජ් වුන ටේ ජින් ජූන්ලා එක්ක ඒ ගෙදර නතර වෙද්දි මිස්ටර් කිම් පොලිස් ටේෂන්එකේ හිරවුනේ ලමා හිංසනය නිසයි..
ඒත් වැඩිකාලයක් යන්න කලින් ඩොක්ටර් චොයිගේ හෙලිදරව්ව නිසා මානසිකව වැටුන කිම් මෙන්ටල් හොස්පිට්ල් එකට ඇතුලත් කෙරුනේ එයා මානසික රෝගියෙක් වුන නිසයි...
මන් අංක එක මගේ වයිෆ් අංක එක මගේ පුතා අංක එක කිය කිය එකම දේ කියන මිස්ටර් කිම්ව දකිද්දි ටේගේ පපුව හිරවුනේ වෙනදට කේන්තියෙන් පිරුන ඇස් ඒ වෙද්දි පුන්චි ලමයෙක්ගේ වගේ අහිංසක වෙලා තිබුන නිසා වගෙම එයාගෙයි අප්පගෙයි ලස්සන මතකයන් නිසයි..
මිස්ටර් කිම් ලෙඩවෙලා මාසයක් ගතවෙද්දි කිම් කම්පැනීස් කඩන් වැටෙන්න ගත්තේ කිම්ගේ ජීවීතේ වගෙම හීනත් බොදකරලා දාලයි..
මේ දිහා බලන් ඉන්නබැරි තැන කිම්ගෙ මැනේජර් ඇවිත් ටේව මුන ගැහුනේ මීට අවුරුදු ගානකට කලින් ටේගේ නමට පැවරුන කිම් කම්පැනීස් තවත් කඩන් වැටෙන්න නොදී ගොඩ ගන්න කියන්නයි.