"පුතා මේ තමයි ඔයාගේ රූම් එක..ඔයාගේ බඩුමුට්ටු කැමති විදිහකට රූම් එකේ අස් කරගන්න..ඔයාට මෙතන නැති මොනාහරි ඕනිනම් කියන්න මන් ඔයාට ඒවා ගෙනත් දෙන්නම්.."
ජුන් ජිමින් දෙන්නා ජිමින්ගේ රූම් එක අස් කරද්දි ටේව එක්ක එහා රූම් එකට ගිය ජින් ඒම කියද්දි රූම් එක පුරා බැල්මක් දැම්ම ටේගේ ඇස් ජින් ලග නතර වුනා..
"මිස්ටර් කිම් ??"
"කියන්න දරුවෝ.."
"ඇත්තටම මෙතන මොකක්ද වෙන්නේ.. ඇයි මන් ඔයාලගේ ගෙදර නතර වෙන්නේ.
මගේ අප්පා කොහෙද ගියේ.එයා මාව..මාව විකිනුවාද...""නෑ දරුවෝ..එයා කම්පැනි එකේ වැඩකට ඇමරිකා ගියා..එයාට සැහේන කාලයකට ආයේ මෙහෙ එන්න බැරි නිසයි එයා ඔයාව මෙහෙ නතර කලේ...."
"ඒත් එයා වෙනදට එහෙම කරන්නේ නෑනේ.."
"ඒක එහෙම වෙන්න ඇති..එයාට ඔයාගේ ඉගෙනීමේ දියුනුවක් දකින්න ඕනි වෙලා තීන නිසා අපිට කිව්වා ඔයාගේ පාඩම් වැඩ ගැන හොයලා බලලා ගනන් වල රිසාල්ට් එක වැඩි කරලා දෙන්න කියලා..."
"අහ්...මන් ඒත් හිතුවා මේක කලින් ටිකේ අපේ ගෙදර නවතිමු කියලා මට වදේ ගහපු ජිමින්ගේ වැඩක් කියලා.."
තමන්ටම කියාගන්නවා වගේ ටේටේ එහෙම කියද්දි ඒකට උත්තර දෙන්න නොගිය ජිනී ටේගේ රූම් එකේ මිස් වුන මොනාහරි අඩුපාඩුවක් තියේද කියලා බැලුවා..
"පුතා ඔයා වොෂ් එකක් දාන් එන්නකො.
මන් ඔයාගේ ඇදුම් ටික ක්ලෝසෙට් එකෙන් අහුරන්නම්..""ඕනි නෑ මිස්ටර් කිම්..මන් වොෂ් දාම් ඇවිත් අස්කරන්න.."
"එතකොට ඔයාට ආයේ දාඩිය දාවී...මන් ඒක කරන්නම්..ඔයා දැන් ගෙදරට අදින ඇදුම් එලියට ගන්නකෝ."
"හරී..තෑන්ක් යූ මිස්ටර් කිම්..."
"අහ්..කොල්ලො මට හැමවෙලේම මිස්ටර් කිම් මිස්ටර් කිම් කියන්න එපා.."
"ම්හ්...මන් එහෙනම් මොකක් කියලද කතාකරන්න ඕනී.."
"අන්කල් ජින් අන්කල් ජූන් හරි..ජිනී පපා ජුනී අප්පා හරී...ඒ දෙකට අමතරින් ඔයා කතාකරන්න කැමති මිස්ටර් කෑල්ල අයින් කරපු නමකින් කතාකරන්න ඔයාට පුලුවන්..."