චාන්ව නිකන් paralyze උනා වගේ. මොකද යීබො එයාට දාපු බැල්ම හරිම සීතලයි. එයාගේ ඇටකටු වලටත් ඒ සීතල දැනුනා වගේ feeling එකක් චාන්ට ඇති උනා. මොහොතකට මෙතනින් හැරිලා පැනලා දුවන්න ඕනේ උනත් එයාට දැනුනා එයාගේ ඇග එයාට responde කරන් නෑ කියලා.
"මොකද? ඔයාගේ යාලුවට ඔයාව එපා වෙලාද ඔයා වෙනදට වඩා ඉක්මනින් ආපහු ආවේ?"
"....." චාන් එයාගේ ඇගිටි මිටි මොලව ගත්තා.
"මිනිස්සු කියනවනේ කොච්චර ලස්සන උනත් ඒක හැමදාම දකිද්දි එපා වෙනවා කියලා." යීබො නක්කලේට කිව්වා.
"ඒ ගැන කියනවා නම් මම තමා එහෙම ඉක්මනට ඕනේ දෙයක් එපා වෙන කෙනා." චාන් අන්තිමෙදි කතා කරා. "මන් කොච්චර හොදද කියනව නම් මැරි නොකරත් එයාට තව තව ඕනේ වෙනවා, තව තව සතුටු වෙන්න." ඔහු කට කොනින් හිනා උනා.
"ඔයාගේ පුතා ඉන්න තැනවත් ඔයාට කට පරිස්සම් කර ගන්න බැරිද?" යීබො කතා කරේ දත්මිටි කන ගමන්.
"කවුද මුලින්ම පටන් ගත්තේ?" ඔහු ඇහිබැමක් එසෙව්වා.
"Daddy! Daddy ඇවිල්ලා." චූටියා තවමත් පුටුව උඩට වෙලා අත් දික් කරන් උඩ පනිනවා.
"මට tired. මන් රූම් එකට යනවා." චාන් කිව්වා.
"සර්, මම මේක අරන් එන්නම්." නැනා ඔහුගෙ luggage එක ගත්තා. "සර්ට dinner හදන්නද?"
"එපා මට බඩගිනි නෑ. මට ඕනේ දැන් නිදා ගන්න."
"Daddy මාව hug කරේවත් නෑ." Tiantian දුකින් කිව්වා.
"ඔයාගේ daddy ට trip එක ගිහින් ඇවිත් මහන්සිනේ පුතේ."යීබො ඔහුගේ ඔලුව අත ගෑවේ හිතින් දෙහි කපන ගමන්.
චාන් කාමරේට ගිහින් දොර ලොක් කරපු ගමන් එහෙම්ම බිම ඇදගෙන වැටුනේ එයාගේ කකුල් දැනටමත් වෙව්ලමින් තිබුන නිසා. එයාගේ උගුර දෙතොල් පවා වේලිලා තිබුනා වගේම පපුව අසූ හාරදාහට ගැහුනේ අත් දෙකත් වෙව්ලද්දි.
මේක නම් ලේසි වැඩක් නෙවෙයි. චාන් බිම හිටපු විදියටම දනිස් දෙක බදා ගත්තා. වෙන කෙනෙක් විදියට රගපාන එක විතරක් නෙවෙයි අහු නොවී ඉන්න එක ගැනත් හිතන්න ඕනේ.එයා මේක කලින් කරලා තිබුනත් මේ පාර අහුවෙලා හිරේ ලගින්න වෙයිදෝ කියලා සාදාරන සැකයක් බයක් චාන්ට ඇති උනා.
DU LIEST GERADE
𝙳𝚎𝚊𝚛 𝚂𝚞𝚋𝚜𝚝𝚒𝚝𝚞𝚝𝚎 [𝒮𝒾𝓃𝒽𝒶𝓁𝒶 𝒱𝑒𝓇𝓈𝒾❁𝓃]
Fanfictionමේ විසල් ලෝකයේ ඉන්න සමහර මිනිස්සු ක්ලෝනයන් (clone) විශ්වාස කරනවා. හරිම පුදුම විදියට එක රැයක ශියාඕ චාන්ටත් ඒ තියරිය විශ්වාස කරන්න වුනේ එයා ඉස්සරහට ආපු එයාගේ ක්ලෝනය දැකලා. ඒ කෙනාගේ පෙනුම සහ බැල්ම ඉතාම සීතල උනත්, එයාගේ අනිත් හැම feature එකක්ම කන්නාඩියෙ...