Chapter 24: It's time to take the cards

823 210 85
                                    

"Young master මේ options ටික තමයි දැනට ඇවිත් තියෙන ටික."

"මේ හොදම ටිකද?" චාන් ඇහුවේ documents ටික බලන ගමන්.

"ඔව්. යීබො සර්ගේ දෙවෙනි assistant හොදට හොයලා බලලා හොදම ඒවා ටික එවලා." නැනා කිව්වේ චාන් ලග වාඩිවෙන ගමන්.

"මේක හොදයි වගේ." චාන් කිව්වේ ටික වෙලාවක් documents ටික දිහා බලලා එක photo එකක් පෙන්නලා.

"ඇත්තටම ඒක තමයි මුලින්ම recommend උන school එක. එතන ඉන්නේ හොදම training එකක් ගත්ත ගුරුවරු, ඉඩ පහසුකම් වගේම education and entertainment activities ගොඩක් තියෙනවා."

"මට මුලින් එතනට ගිහින් බලන්න ඕනේ. අපේ bunny ට comfortable විදියට ඉන්න පුලුවන් තැනක්ද බලන්න ඕනේ."

"Ms Peng ට කිව්වා නම් එයා appointment එකක් දායි."

"නැනා... මන් කැමතියි ඔයත් මාත් එක්ක එනවා නම්."

"මම?" නැනා පුදුම උනා.

"ඔව්. මට මේ ගැන වැඩි තේරුමක් නෑ කියලා ඔයා දන්නවනේ. ඔයා මගේ පුතාගේ අම්මා වගේ මුල ඉදන්ම එයා ලග හිටියා. එයා කැමති අකමැති දේවල් මට වඩා දන්නේ ඔයා. ඒ හින්දා මන් කැමතියි ඔයා මාත් එක්ක යන්න එනවා නම්." චාන් හිනාවුනා.

"Young master..." නැනා emotional උනා.

"එහෙනම් Ms Peng ට කියන්න appointment එක දාන්න කියලා." චාන් හිනා උනා.

Wang house එකේ දින normal විදියට ගත වුණා. Zhan එයාගේ පුතාව බලාගන්න ගමන් සීන් එයාට පවරලා තිබ්බ රාජකාරි ඔක්කොම අකුරට ඉටු කළා. හැබැයි එයා කොයිම වෙලාවකවත් යීබොත් එක්ක interact උනේ නෑ.

යීබො එක්ක එදා ඇති උන සිදුවීමත් එක්ක චාන්ට දැනුනේ අප්‍රසන්න බවක් වගේම කලකිරීමක්. එයා හොඳටම දන්නවා යීබො එයා දිහා බලන්නේ He Sean විදියට කියලා.ඒත් ඒ කොහොම වුණත් එක දෙයක් හොඳටම පැහැදිලියි. Ten Ty කොතැනද ඒ කෙනා සීන් උනත් චාන් උනත් දෙන්නටම පරදින්න ඉඩකඩ තියෙනවා. මොකද යීබො හැමදාම ගන්නේ Ty ගේ පැත්ත විතරයි.

*****

"බොස්, young master සීන් ඔයාට මේ ටික බලන්න කියලා එවලා." යීබොගේ දෙවෙනි assistant documents ටිකක් දීලා කිව්වා.

"මේවා Tiantian ගේ school options ද?"

"ඔව්.Young master හොඳට හොයලා බලලා තෝරගෙන තිබුණා. සර්ටත් ඒ ටික ආපහු review කරන්න ඕනෙද?"

𝙳𝚎𝚊𝚛 𝚂𝚞𝚋𝚜𝚝𝚒𝚝𝚞𝚝𝚎 [𝒮𝒾𝓃𝒽𝒶𝓁𝒶 𝒱𝑒𝓇𝓈𝒾❁𝓃]Where stories live. Discover now